දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්මේ උපාධිධාරීන් රැකියා සඳහා බඳවා ගැනීමේ වැඩපිළිවෙළට පිටින් උපාධිධාරීන් අභ්‍යාසලාභීන් බව හඟවා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සිය හිතවතුන් 26 දෙනකු

බඳවාගෙන ඇති බව එහි වෘත්තීය සමිති කිහිපයක් ජනාධිපතිවරයාට ලිඛිතව පැමිණිලි කර ඇත.

එහි සේවය කරන උසස් නිලධාරින්ගේ ඥාතීන් එම තනතුරු සඳහා බඳවා ගැනීමේ වුවමනාවකින් පසුගියආණ්ඩුව කාලයේ පැවති ප්‍රමිති ආයතනයේ මහමණ්ඩලය විසින් අනුමත කල තින්දුවකට පසුගිය අගෝස්තු 18 සිට 20 දක්වා දින තුනක් සම්මුඛ පරීක්ෂණ සඳහා උපාධිධාරීන් 50 දෙනකු කැඳවා තිබේ. සෞභාග්‍යයේ දැක්ම අනුව පුහුණු උපාධිධාරීන් සඳහා රුපියල් 20000ක් ලබා දෙන බව සඳහන් කර තිබියදී ඔවුන්ට මාසයකට රුපියල් 35000ක් ගෙවීමට නියමිතය. එසේ තෝරා ගත් 26 දෙනා ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්මේ උපාධිධාරීන් බඳවා ගත් දින වන පසුගිය 02 සිට සේවයට කැඳවා ඇත.

එසේ බඳවා ගත් කිහිපදෙනකු උසස් නිලධාරීන්ගේ ඥාතීන් හා හිතවතුන්ගේ අය වන අතර එක් අයෙක් සම්මුඛ පරීක්ෂණ දෙකෙන්ම අසමත්ව තිබියදී බඳවාගෙන ඇති බව වාර්තාවේ. ඔහු මේ වන විට පුරප්පාඩුවක් නොමැති වෙළෙඳ අංශයේ සේවයට පත් කරඇති බව එම වෘත්තීය සමිති සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවීරගෙන් කළ විමසීමකදී ඈ කියා සිටියේ වහාම ඒ පිළිබඳව අතිරේක ලේකම්වරයකු යටතේ පරීක්ෂණයක් සිදු කරන බවයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More