දේශීය පුවත්

මාස තුනක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි එක්සත් ජාතික පක්ෂයේ හිස්ව ඇති සියලුම තනතුරු ඡන්ද විමසීමකින් තොරව හෙට (14දා) දින සුදුස්සන් තෝරා පත් කර ගැනීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සූදානම් වෙයි.

පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් සඳුදා පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එහි දී නියෝජ්‍ය නායක, සභාපති, භාණ්ඩාගාරික ඇතුළු තනතුරු කිහිපයකට සුදුස්සන් පත් කිරීමට නියමිතය. තවද පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුර සඳහා රුවන් විජේවර්ධන සහ වජිර අබේවර්ධන ඉදිරිපත් වීමට නියමිත බවද පක්ෂ ආරංචි මාර්ග පවසයි. අවශ්‍ය වුවහොත් පමණක් ඡන්ද විමසීමක් පැවැත්වීමටද පක්ෂ නායකත්වය තීරණය කර ඇත. පක්ෂයේ සියලුම වෘත්තීය සමිති, මාධ්‍ය සංවිධාන, කාන්තා සංවිධාන, විද්වත් සංවිධාන ඇතුළු සියලු සංවිධානද කඩිනමින් ගොඩගැනීමද පත්වන නියෝජ්‍ය නායකයාට පැවැරෙන වගකීමක් වෙයි.

මෙලෙස පුරප්පාඩුවලට පත් වන සුදුස්සන් දෙසැම්බර් මාසය අවසන් වන තුරු කටයුතු කෙරෙනු ඇත. නියෝජ්‍ය නායකත්වයට පත් වන පුද්ගලයා ජනවාරි මාස පළමු වැනිදා සිට නායකත්වයට පත් කිරීමටද එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් සඳුදා පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එහි දී නියෝජ්‍ය නායක, සභාපති, භාණ්ඩාගාරික ඇතුළු තනතුරු කිහිපයකට සුදුස්සන් පත් කිරීමට නියමිතය. තවද පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුර සඳහා රුවන් විජේවර්ධන සහ වජිර අබේවර්ධන ඉදිරිපත් වීමට නියමිත බවද පක්ෂ ආරංචි මාර්ග පවසයි. අවශ්‍ය වුවහොත් පමණක් ඡන්ද විමසීමක් පැවැත්වීමටද පක්ෂ නායකත්වය තීරණය කර ඇත. පක්ෂයේ සියලුම වෘත්තීය සමිති, මාධ්‍ය සංවිධාන, කාන්තා සංවිධාන, විද්වත් සංවිධාන ඇතුළු සියලු සංවිධානද කඩිනමින් ගොඩගැනීමද පත්වන නියෝජ්‍ය නායකයාට පැවැරෙන වගකීමක් වෙයි.

මෙලෙස පුරප්පාඩුවලට පත් වන සුදුස්සන් දෙසැම්බර් මාසය අවසන් වන තුරු කටයුතු කෙරෙනු ඇත. නියෝජ්‍ය නායකත්වයට පත් වන පුද්ගලයා ජනවාරි මස පළමු වැනිදා සිට නායකත්වයට පත් කිරීමටද එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

Read More