දේශීය පුවත්

පළාත් සභා ක්‍රමය අහෝසි කළ යුතු බවට රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා කළ ප්‍රකාශයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළින්ම එල්ල වන විරෝධය දිනෙන් දින ත්‍රීව්‍ර වන ආකාරයක් දක්නට ලැබේ.

විශේෂයෙන් සරත් වීරසේකර මහතා සිය පුද්ගලික ජනප්‍රියත්වය වෙනුවෙන් පක්ෂය, ආණ්ඩුව සහ රටම අපහසුතාවට පත් කරමින් සිටින බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය චෝදනා කරයි.

“මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි උතුරේ පළාත් සභාව පිහිටුවලා යුද්ධෙ හිටපු තරුණයින්ට දේශපාලන බලය දරන්න පුළුවන් අයිතිය ලබලා දුන්නෙ. මේක අහෝසි කරනවා නම් ඉන්දියානු සාධකය නොසලකා මේක අහෝසි කරන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා අපි කියනවා නැවත වතාවක් සරත් වීරසේකර මහත්තයාට උණුවෙන් රොටි කන්න ගිහිල්ලා තනියෙන් ගුටි කන වැඩේ මේ රටේ මිනිස්සුන්ට කරන්න එපා කියලා” යනුවෙනුයි බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී මහේෂ් අල්මේදා මහතා සඳහන් කළේ.  ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය විසින් ඊයේ (11) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More