දේශීය පුවත්

යහපාලනය පිහිටුවීමට දායක වූ දේශපාලන නියෝජිතයින් පිරිසක්, සහරාන් හෂීම් සමඟ දීර්ඝ සාකච්ඡාවක නිරත වන වීඩියෝ පටියක් පිළිබඳ තොරතුරු පාස්කු ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේදී පළමුවරට අනාවරණය වී තිබේ.

ඒ දේශපාලන නියෝජිතයකු එම කොමිසම හමුවේ සාක්ෂි දුන් අවස්ථාවේදීය.

ඊයේ රාත‍්‍රියේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා කැඳවා තිබුණේ, මොහොමඞ් මුස්තෆා අබ්දුල් රහුමාන් නමැත්තායි.

ඔහු 2015 දී යහපාලනය ස්ථාපිත කිරීම සඳහා ගොඩනැඟු‍ණු ” යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ ” සංවිධානයෙන් 2015 වසරේදී මහමැතිවරණයට ඉදිරිපත්ව පරාජය වූ අපේක්ෂකයකු වේ.

මෙහිදී යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු අපේක්ෂක මොහොමඞ් මුස්තෆා අබ්දුල් රහුමාන් සමඟ නැගෙනහිර පළාත් සභාවේ හිටපු මුස්ලිම් කොංග‍්‍රසයේ මන්ත‍්‍රී සිබ්ලි ෆාරුක් යන අය පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාර මාලාව දියත් කළ සහරාන් හෂීම් සමග සාකච්ඡාවක නිරතවන වීඩියෝ පටයක් කොමිසම හමුවේ මෙහිදී දර්ශනය කර තිබේ.

මෙම වීඩියෝ පටයෙහි ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ හිටපු මන්ත‍්‍රී සිබ්ලි ෆාරුක් සහ සාක්ෂිකාර අබ්දුල් රහුමාන් මෙලෙස රැඳී සිටින අතර ඔවුන්ගේ ඉදිරියේ අසුන්ගෙන සිටින්නේ පාස්කු ප‍්‍රහාරය මෙහෙය වූ සහරාන් හෂීම් සහ ඔහුගේ සොහොයුරු ෂෙයින් මොහොමඞ් යන අයයි.

මෙම වීඩියෝ පටය විනාඩි 30කට ආසන්න කාලයක් රූගත කර ඇති අතර එම කොටස පමණක් සාක්ෂිකරු ඉදිරියේ කොමිසම විසින් දර්ශනය කර ඇති අතර ඔවුන් අතර මෙම සාකච්ඡාව දෙමළ බසින් සිදු වේ.

මෙම සාකච්ඡාවට අනුව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම් හිස්බුල්ලාට අරාබියෙන් ලැබී තිබූ රියාල් මිලියන එකක පමණ මුදලක් සම්බන්ධයෙන් සහරාන් හෂීම් සහ සිබ්ලි ෆාරුක් සංවාදයක යෙදෙන අයුරු දැක්වේ.

අදාළ මුදල හිස්බුල්ලාගේ දේශපාලන කටයුතු සඳහා අරාබියෙන් ලැබෙන හෝ හිරා පදනම මඟින් ලැබෙන ඒවාද යන්න සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කරන ආකාරයක් එම වීඩියෝවේ වැඩිදුරටත් දැක්වේ. මෙහිදී සහරාන් හෂීම් ප‍්‍රකාශ කරන්නේ අරාබියෙන් එලෙස මුදල් හිස්බුල්ලාගේ කටයුතු සඳහා යොදා ගැනීම පිළිබඳව ගැටලූ‍වක් නොමැති බවයි.

මෙහිදී මෙම හමුව සම්බන්ධයෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය සාක්ෂිකරුගෙන් ප‍්‍රශ්න කළේ ”ඇයි ඔබ සහ සිබ්ලි ෆාරුක් සහරාන් හෂීම්ව හමුවුණේ? යනුවෙනි.

යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ අපේක්ෂක අබ්දුල් රහුමාන් එහිදී සාක්ෂි දෙමින් කියා සිටියේ ”මේ සාකච්ඡාව පැවැත්වුණේ සහරාන්ගේ කාර්යාලයේයි. මෙය දේශපාලන සාකච්ඡාවක්. 2015 මහමැතිවරණයට සතියකට පමණ ඉහතදී තමයි මෙම සාකච්ඡාව සිදුවුණේ” – යනුවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More