පසුගිය යහපාලන රජය සමයේ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ විසින්, යහපාලන රජය බලයට ගෙන ඒමට උපකාර කළ පාර්ශව සම්බන්ධ කරගනිමින් ඔවුන්ට තනතුරු ලබා දෙමින් ඇති කළ දූෂණ මර්ධන කමිටුව මහජන මුදල් කෝටි තුනකට වැඩි ප්‍රමාණයක් ලබා ගෙන ඇතැයි හෙළිව තිබේ.
ඒ යහපාලන රජය සමයේ සිදුවු දේශපාලන පලිගැනීම් සම්බන්ධව සොයා බලනා ජනාධිපති කොමිසම හමුවේය.
එවකට අගමැති රනිල් විසින් ඇති කළ මෙම කමිටුවට දේශපාලන පක්ෂ වල සහ සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් සාමාජිකයන් ලෙස කටයුතු කළේය. කැබිනට් මණ්ඩලයට ඉහළ බලතල තිබූ මෙම කමිටුව රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා සමග අරලියගහ මන්දිරයේ රැස්ව තිබුණි.
මෙම කමිටුව විසින් මහජන මුදල් කෝටි තුනකට අධික ප්‍රමාණයක් වැටුප්, දීමනා හා සෙසු වියදම් වශයෙන් ලබා ගෙන තිබේ.
එහිදි එම කමිටුව වෙනුවෙන් යහපාලන රජය ලබා දී තිබෙන මුදල රුපියල් තුන්කෝටි තිස්හත්ලක්ෂ දාහතරදහස් අටසිය හතක් (33714807.59)ක් වේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...