තමන්ට නීතියට වඩා ජනතාව ලොකු බවත් ඒ නිසා තමන් සැමදා ජනතාව වෙනුවෙන් පෙනී සිටින දේශපාලනඥයකු බවත් ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි.
සති අන්ත පුවත්පතකට ප්‍රකාශයක් කරමින් ඔහු මේ බන සඳහන් කර ඇත.
ආනවිලුන්දාව ඩෝසර් කිරීමේ සිද්ධිය හේතුවෙන් තම සහෝදරයා සැඟවී සිටින බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බව රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත. ඕනෑම මොහොතක තම සොහොයුරා පොලීසියට අවශ්‍ය නම් ඔහු නිවෙසේ සිටින බවත් එසේ සිටියදී අත්අඩංගුවට නොගෙන සිටී නම් එය පොලීසියේ වරද මිස තමන්ගේ වරදක් නොවන බවත් හෙතෙම සඳහන් කර ඇත.
කෙසේ වෙතත් තමන්ගේ නම සම්බන්ධ කරමින් ප්‍රචාරය වන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බවද ඔහු වැඩිදුරටත් පවසයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...