දේශීය පුවත්

යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලබන නොවැම්බර් මුල් සතියේ පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට රජය අපේක්ෂා කරන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම සංශෝධනය ලබන 22දා මැතිසබයට ඉදිරිපත් කිරීමටද ආණ්ඩුවේ පක්ෂ නායකයෝ මේ සතියේ තීන්දු කළහ. ව්‍යවස්ථා සංශෝධනය ගැන විකල්ප මත තිබේ නම් ඒවා සලකා බලා අග්‍රාමාත්‍යවරයාටත් ජනාධිපතිවරයාටත් සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට ගිය බ්‍රහස්පතින්දා ආණ්ඩුව විසින් රජයේ හවුල්කාර පක්ෂ නායක කමිටුවක්ද පත් කළේය.

එහි සභාපති ධූරයට මහාචාර්ය ජී.එල්. පීරිස් පත්විය. උදය ගම්මන්පිල, විමල් වීරවංශ, නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, අලිසබ්‍රි, එස්. වියලේන්ද්‍රන්, ඩිලාන් පෙරේරා සහ ප්‍රේමනාත් සී. දොළවත්ත යන මැති ඇමැතිවරු එහි සාමාජිකයෝ වෙති. මේ අය නව සංශෝධනය අධ්‍යයනය කොට සකස් කරන වාර්තාව ලබන 15දා වනවිට අග්‍රාමාත්‍යවරයාට බාරදිය යුතු යැයි පක්ෂ නායක හමුවේදී තීන්දු කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More