යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකා නීතී සංගමය විසින් ජනාධිපති නීතිඥවරුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කර ඇත .
නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ රජීව් අමරසුරිය මහතා කියා සිටියේ මෙම පනත් කෙටුම්පත අධ්‍යයනය කිරීම සඳහා නීතිඥ සංගමයේ ජ්‍යෙෂ් සාමාජිකයින්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් තම සංගමය විසින් පත් කර ඇති බවත්, වැඩිදුර ක්‍රියාමාර්ග සඳහා විධායක කමිටුව සහ නීති කවුන්සිලය විසින් ඉදිරිපත් කළ යුතු අදහස් සැලකිල්ලට ගන්නා බවයි.
යුක්තිය පසිඳලීමට බලපාන නීති ප්‍රමාදයන් සහ වෙනත් ආශ්‍රිත කරුණු විසඳීම සඳහා තවදුරටත් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව සලකා බැලිය යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බොහෝ අංශ පිළිබඳව ද කමිටුව සාකච්ඡා කරනු ඇති බව ලේකම්වරයා පවසා සිටියේය.
මෙම කමිටුවේ සාමාජිකයන් ලෙසට ජනාධිපති නීතිඥ නිහාල් ජයමාන්න (සභාපති), ජනාධිපති නීතිඥ ඉක්රාම් මොහොමඩ්,ජනාධිපති නීතිඥ එම්.එම්. සුහයර්,ජනාධිපති නීතිඥ එල්.එම්.කේ. අරුලානන්දම්,ජනාධිපති නීතිඥ ප්‍රසන්න ලාල් ද අල්විස්,ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන, ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි, ජනාධිපති නීතිඥ මෛත්‍රි වික්‍රමසිංහ, ජනාධිපති නීතිඥ උදිතා ඉගලහේවා, ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ, ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් ,ජනාධිපති නීතිඥ එස්.ටී. ජයනගා, නීතිඥ රවී අල්ගමා සහ නීතිඥ ශාන්තා ජයවර්ධන යන අය පත් කර ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...