දේශීය පුවත්

වසර 2030 වනවිට ජාතික විදුලිබල පද්ධතියේ පුනර්ජනනීය බලශක්ති දායකත්වය 80% ක් දක්වා නංවාලීමට ගතයුතු සියලු පියවර කඩිනමින් ගන්නා බව සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපාති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අවධාරණය කරයි.

2030 වසර වනවිට පුනර්ජනනීය බලශක්ති සංවර්ධන ඉලක්ක කරා ලගාවීමට ගතයුතු පියවර සොයාබැලීමට පත්කළ දසපුද්ගල විද්වත් කමිටුව ඊයේ (10) පෙරවරුවේ එම අමාත්‍යාංශයේදී අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදී අමාත්‍යවරයා විසින් මේ බව අවධාරණය කරන ලදි.

මෙම අවස්ථාවට විදුලිබල අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, රාජ්‍ය ලේකම් හේමන්ත සමරකෝන් මහතා ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙක්ද සහභාගී වූහ.

මෙහිදී අදහස් දැක්වූ කමිටු සාමාජිකයින් පවසා සිටියේ පුනර්ජනනීය ප්‍රභවයන් නිරන්තරයෙන් ඒකාකාරී නොවන බැවින්, ඒ පිළිබදව විශේෂ අවධානයකින් යුතුව කටයුතු කළ යුතු බවයි.

එසේම ලංකාව තුළ පවත්නා පුනර්ජනනීය ප්‍රභවයන්, වර්ධනය වන විදුලි ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත්ද යන්න පිළිබදවත් විශේෂ අවධානයක් යොමුකළ යුතු බව ඔවුන් අමාත්‍යවරයා හමුවේ පැවසීය.

මේ වනවිට ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ දිශානතිය පුනර්ජනනීය ප්‍රභවයන් වෙත යොමුවී ඇති බවත්, ඒ අනුව යමින් ඉදිරි සංවර්ධන ඉලක්ක කරා ලගාවීමට නම්, රාජ්‍ය අංශයට සමගාමීව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපාරිකයන් මෙන්ම ආයෝජකයින් දිරිගැන්විය හැකි ක්‍රමෝපාවන් පිළිබදව සොයා බලන ලෙසත් අමාත්‍ය දිසානායක මහතා අවධාරණය කළේය.

එසේම සෞභාග්‍යයේ දැක්ම කරා රට යන ගමනේ මංපෙත් පුනර්ජනනීය බලශක්තියෙන් හෙළිපෙහෙළි කිරීමට ගතයුතු සියලු පියවර ගතයුතු බවත්, ඒ වෙනුවෙන් ගතවන කාලය, වැයවන මුදල කොපමණ වුවත්, සියල්ල හමුවේ නොසැලී තීන්දු තීරණ ගැනීමට තමා පසුබට නොවන බවත් සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපාති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More