දේශීය පුවත්

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විරෝධයක් එල්ල වී ඇති බවත් එවන් තත්ත්වයක් පැවතියදී නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට හදිසි වන්නේ ඇයි ද? යන්න රජයෙන් විමසන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහතා පැවසීය.

ඔහු මේ අදහස් පළ කළේ, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අද කොළඹදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

කරු ජයසූරිය මහතා පෙන්වා දුන්නේ,  ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට අවශ්‍ය නම් ඒ සඳහා සංඝ රත්නය, විපක්ෂයේ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ඇතුළු සියලු පාර්ශවවලින් අදහස් විමසිය යුතු බවය.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් කරුණුවලට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පවා විරුද්ධ බවත්, මෙම සංශෝධනය රටට අහිතකර වන්නේ නම් මෙය පරාජය කිරීම සඳහා සියලු දෙනා එක් විය යුතු බව ද හිටපු කතානායකවරයා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More