දේශීය පුවත්

ගලගොඩඅත්තේ ඥානසාර හිමි පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙන අවස්ථාවේ එය ජංගම දුරකථනයකින් පටිගතකළ මව්ලවිවරයා සමස්ථ ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ සහකාර මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ සම්බන්ධයෙන් ඔහු කළ ඉල්ලීම පිළිගත් බව සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව නිවේදනය කළේය.

නිතීඥවරයෙකු මාර්ගයෙන් ජංගම දුරකථනයක් රැගෙන ගොස් ඥානසාර හිමිගේ සාක්ෂි රහසිගතව පටිගතකිරීමේ දී අදාළ මව්ලවිවරයා පොලිස් බාරයට ගෙන තිබුණි.

එම්.එම්.එම්.මුර්ෂිද් නමැති එම මව්ලවිවරයා සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කරන ලෙස පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

ජනාධිපති විමර්ශන කොමිසම් සභාවේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් 2020.09.09 බදාදා, දිනයේ ජනාධිපති විමර්ශන කොමිසම් සභාවෙහි සිදුවූ සිද්ධිය පිළිබඳව අපගේ දැඩි අප්‍රසාදය හා කනස්සල්ල පළ කර සිටිමු. එහිදී සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව නියෝජනය කරමින් සහභාගී වූ සහකාර මහලේකම් අෂ්-ෂෙයික් එම්.එම්.එම්. මුර්ෂිද් තුමන් පිළිබදව මාධ්‍යයෙහි පල වූ සිද්ධිය සම්බන්ධයෙන් පැහැදීමක් ලබා ගැනීම සඳහා විධායක කමිටුවේ හදිසි රැස්වීමක් 10 පෙ.ව. 10.30 ට අප ප්‍රධාන කාර්යාලයෙහි පැවැත් විණි.

එහිදී සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ ව්‍යවස්ථාවට අනුකූලව සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කරන ලදී. මෙම අවස්ථාවේ දී, අෂ්-ෂෙයික් එම්.එම්.එම්. මුර්ෂිද් තුමන් තම විමර්ශන කටයුතු අවසන් වන තුරු තමා සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ සහකාර මහලේකම් ධූරයෙන් ඉවත් වන බව ලිඛිතව දැනුම් දී තිබේ.

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව ද ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගත් බව මෙයින් දන්වා සිටිමු.

අෂ්-ෂෙයික් එම්.එස්.එම්. තාසිම්

සහකාර මහලේකම්

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More