ඉඩම් කොමසාරිස්වරයා විසින් 10.09.2020 දින නිකත්කොට ඇති ගැසට් නිවේදනය මගින් රජයේ ඉඩම් අත්පත් කරගෙන සිටින මහා පරිමාණ ඉඩම් හිමියන්ට පවා තම ඉඩම් වලට රජයේ ප්‍රධාන පත්‍රයක් ලබා ගැනීමට අවස්ථාව නිර්මාණය වේ.
මීට පෙර එසේ වගාව සඳහා ලබා දෙන බිම් ප්‍රමාණය අක්කර දෙකහමාරකට සහ පදිංචිය සඳහා බිම් ප්‍රමාණය අක්කර කාලකට සීමා විය.
නමත් මෙම ගැසට් නිවේදනය අනුව හදුන්වාදෙන ක්‍රමවේදය මගින් මහා පරිමාණ ඉඩම් වලටද නීත්‍යානුකූල අයිතිය ලබා ගැනීමේ හැකියාව ලැබේ.
ඒ අතර මෙම ගැසට්ටුව නිකුත් කිරීමට ආසන්න කාල වකවානුවේ රජයේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගත් දේශපාලන බලය සහිත ජාවාරම්කාරයින්ට එම ඉඩම්වල අයිතිය ගැනීමටද හැකියාව ලැබේ. මෙම ලිහිල් ක්‍රමවේදය මගින් එක්තරා ආකාරයක ඉඩම් කොල්ලයකට මග පෑදෙන බව විචාරකයෝ පවසති.
සබැඳි පවත් –

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...