දේශීය පුවත්

ඉදිරි වසර තුන තුළ මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් සියයට 50ක් දේශියව නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් සියයට 85ක් ආනයනය කරනු ලබන අතර ඒ සඳහා රුපියල් බිලියන 130ක් වාර්ෂිකව වැය වන බවය.

එහෙත් මෙරට ඖෂධ අවශ්‍යතාව දේශීයව සපුරා ගැනීමෙන් වාර්ෂිකව රුපියල් බිලියන 60ක් රටට ඉතිරි කරගත හැකි බව ජනාධිපතිවරයා එහිදි පෙන්වා දී තිබේ.

ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ ඊයේ (10) පැවති සාකච්ඡාවක දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

ඖෂධ නිෂ්පාදන ලියාපදිංචි ප්‍රමාදය මඟහැරීමට අවශ්‍ය නෛතික සංශෝධන කඩිනමින් හඳුන්වාදීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා එහිදි අවධාරණය කර තිබේ.

ඒ අනුව ඖෂධ නියාමන අධිකාරිය තුළ දේශීය ඖෂධ ලියාපදිංචිය ඇතුළු ගැටලු නිරාකරණය සඳහා වෙනමම ඒකකයක් ස්ථාපනය කිරීමට තීරණය කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ආසියානු කලාපය තුළ ඖෂධ ආනයනය වැඩි වශයෙන් කරනු ලබන රට ශ්‍රී ලංකාව වන අතර එම තත්ත්වය වහා වෙනස් කළ යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

ඖෂධ නිෂ්පාදනය සඳහා ආයෝජනයට එක්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඖෂධ නිෂ්පාදන ආනයන සමාගම් වෙත එහිදි විවෘත ආරාධනයක්ද සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More