විසි වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇති ඇතැම් අඩුපාඩු සම්බන්ධයෙන් ආණ්ඩු පක්‍ෂ රැස්වීමේදී අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නීතිඥ පේ‍්‍රමනාත් සී දොලවත්තගෙන් ඊට හේතු විමසීමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ කටයුතු කර ඇතැයි වාර්තා පළ වේ.
ඒ පිළිබද අවවාද කරමින් එම මන්තී‍්‍රවරයාට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර සාගර කාරියවසම් විසින් ලිපියක්ද යවා ඇති බවද වාර්තාවේ.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 53 වන වගන්තියේ ඇති රටේ ඒකීයභාවය සුරකින බවට වූ වගන්තිය නව ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් නොවීම සම්බන්ධයෙන් මෙම මන්තී‍්‍රවරයා ආණ්ඩු පක්‍ෂ රැස්වීමේදී අදහස් පළ කර ඇතැයි සදහන්.
ඊට සංශෝධන ගෙනආ යුතු බවට ඔහු එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත. සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල ඊයේ පැවසුවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ ලේඛණවල ඇති අඩුපාඩු කමිටු අවස්ථාවේදී සංශෝධනය කරන බවයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...