විදේශ රටවල් 8 ක සේවය කරන වයස 60 ට වැඩි තානාපතිවරුන්ට ඔක්තෝබර් 4 දාට පෙර මෙරටට පැමිණෙන ලෙස රජය නියෝග කර ඇත.
මෙලෙස ශී‍්‍ර ලංකාවට කැඳවා ඇත්තේ ෂෙනුකා සෙනෙවිරත්න (නිව්යෝර්ක්), අශෝක ගිරිහාගම (කැනඩාව), සුදන්ත ගනේගමආරච්චි (ස්වීඩනය), දමයන්ති රාජපක්ෂ (ඊජිප්්තුව), ඒ. එල්. රත්නපාල (කියුබාව), සුමිත් නාකන්දල (නෙදර්ලන්තය) සහ ටෝකියෝ සහ චීනය යන රටවල තානාපති නිලධාරීන්ය.
මේ අතර චීනයේ නව තානාපති ලෙස හිටපු විදේශ ලේකම් පාලිත කොහොන මහතා සහ ප‍්‍රංශයේ තානාපතිනි ලෙස හිටපු උපකුලපති ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය පත් කර තිබේ.
මෙයට අමතරව ජපානයේ නව තානාපති ලෙස ඇමරිකානු ව්‍යාපාරික සන්ජීව් ගුණසේකර මහතා පත් කර ඇත.
රජය තානාපතිවරු රැුසක් කැඳවා ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යාංශය ප‍්‍රතිසංවිධානය කිරීමේ අරමුණින් යැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.
මේ අතර හිටපු නාවික හමුදාපති පියල් ද සිල්වා මහතා ඇෆ්ගනිස්ථානයේ තානාපති ලෙස පත් කර ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...