මාලදිවයින් රජය විසින් එරට රෝහල්වල වසරක කාලයක් කොන්ත‍්‍රාත් පදනමින් සේවය කිරීම සඳහා ශ‍්‍රී ලාංකීය වෛද්‍යවරුන් 132 දෙනකු හා ලියාපදිංචි හෙදියන් 80 දෙනකු ලබා දෙන ලෙස ශ‍්‍රී ලංකාවෙන් නිල වශයෙන් ඉල්ලීමක් කර තිබේ.
මෙම ඉල්ලීම මෙරට විදේශ කටයුතු අමාත්‍යංශයේ දකුණු ආසියානු හා සාක් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වත්සලා අමරසිංහ මහත්මිය විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානයට යොමු කර තිබේ.
ශ‍්‍රී ලංකාවේ මාලදිවයින් තානාපති කාර්යාලය හරහා මාලදිවයින් රජය විසින් කර ඇති මෙම ඉල්ලීමට අනුව කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන් 20 දෙනකු, වෛද්‍ය නිලධාරීන් 20 දෙනකු හා නිර්වින්දන රෝග විශේෂඥ වෛද්‍යවරුන් 15 දෙනකු ඇතුළු වෛද්‍යවරුන් 132 දෙනකු හා ලියාපදිංචි හෙදියන් 80 දෙනකු මාලදිවයිනේ ජාතික මට්ටමින් පවතින වෛද්‍යවරුන් හා හෙදියන්ගේ පුරප්පාඩු පිරවීම සඳහා වසරක කාලයකට ලබා දීමට අපේක්ෂා කෙරේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...