දේශීය පුවත්

මිලේනියම් චැලේන්ජ් කොර්පරේෂන් සංයුක්ත ගිවිසුම හෙවත් MCC ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරන බවට වර්තමාන රජය නියෝජනය කරනු ලබන පාර්ශවයන්ගෙන් ප්‍රකාශ වුවද මේ වන විට ඒ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බව නිරීක්ෂණය වන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පැවසුවේය.

ඒ අනුව තමන් රජයේ පාර්ශවයට ප්‍රශ්න  කිහිපයක් යොමුකරන අතර ඒවාට පැහැදිලි කිරීම් අපේක්ෂා කරන බවයි ප්‍රේමදාස මහතා සඳහන් කළේ.

ඒ අනුව මැතිවරණ සමයේ ජනතාවට පොරොන්දු වූ පරිදි මෙම ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්ෂේප නොකොට එය සමාලෝචනය කිරීමට බලපෑ හේතු මොනවාද? MCC ගිවිසුමේ අඩංගු ශ්‍රී ලංකාවට අහිතකර කොන්දේසි මොනවාදැයි රජය විසින් නිශ්චිතව හඳුනා ගෙන තිබේද? එසේ අහිතකර කොන්දේසි හඳුනාගෙන ඇත්නම් එම අහිතකර කොන්දේසි ඉවත් කොට ගිවිසුම සංශෝධනය කිරීම සඳහා MCC ආයතනය සමඟ රජය සාකච්ජා පවත්වා තිබේද? සංශෝධනවලින් අනතුරුව හෝ මෙම ගිවිසුම අත්සන් කිරීමට රජය අපේක්ෂා කරන්නේද? යන ප්‍රශ්න විපක්ෂනායකයා ආණ්ඩු පක්ෂයට යොමුකරන ලදී.

MCC ගිවිසුම සම්බන්ධ සමාලෝචන කමිටු වාර්තාව පසුගිය ජුනි 23 නිකුත් කර තිබුණු අතර එම වාර්තාව අගමැතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ජුලි 01 වැනිදා ඉදිරිපත් කර තිබුණු බවත් එම කමිටු වාර්තාවේ නිර්දේශ පදනම් කරගනිමින් ගිවිසුම සංශෝධනය කරන ලෙසට කමිටුව රජයට යෝජනා කර තිබෙන  බවයි සජිත ප්‍රේමදාස මහතා සිය කරුණු දැක්වීමේදී පැවසුවේ.

”ගිවිසුම සංශෝධනයට MCC ආයතනය එකඟ නොවන්නේ නම් ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළ යුතු බවත් කමිටුව නිර්දේශ කර තිබුණා. ඒ කාලයේ විශේෂයෙන් අපේ ප්‍රතිපක්ෂ කණ්ඩායම් කියපු දෙයක් තමයි ශ්‍රී දළදා වහන්සේ වන්දනාමාන කරන්නටත් අටමස්ථානය සොළොස්මස්ථානය වන්දනාමාන කරන්නටත් යන විට පාරේ එක පැත්තක් ඇමරිකාවට අයිති වෙනවා අනික් පැත්ත විතරයි ශ්‍රී ලංකාවට අයිති වෙන්නේ කියල අපේ ප්‍රතිපක්ෂ කණ්ඩායම් කිව්වා. ඒ වගේම රට ලේ විලක් බවට පත්වෙනවා කියල කිව්වා. හැබැයි ජාන්ධිපතිවරණ ජයග්‍රහණයෙන් පස්සේ සියයයට 70යි සියයට 30යි සූත්‍රයක් නිර්මාණය කළා.”

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් රජය යම් නිහඬ පිළිවෙතක අනුගමනය කරන බව නිරීක්ෂණය  වන බවයි හෙතෙම පෙන්වා දුන්නේ.

විපක්ෂනායකයාගේ ප්‍රශ්නයට  පිළිතුරු දෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේ ජාත්‍යන්තර ගිවිසුම් සමාලෝචනය කිරීමේදී යම් විධිමත් ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වන අතර එබැවින් වගකිව යුතු රජයක් ලෙස යෝජිත ගිවිසුමේ අඩංගු කරුණු සොයා බැලීම සඳහා විද්වත් කමිටුවක් පත්කරන ලද බවයි.

ඒ අනුව මැතිවරණ සමයේ ජනතාවට පොරොන්දු වූ පරිදි මෙම ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්ෂේප නොකොට එය සමාලෝචනය කිරීමට බලපෑ හේතු මොනවාද? MCC ගිවිසුමේ අඩංගු ශ්‍රී ලංකාවට අහිතකර කොන්දේසි මොනවාදැයි රජය විසින් නිශ්චිතව හඳුනා ගෙන තිබේද? එසේ අහිතකර කොන්දේසි හඳුනාගෙන ඇත්නම් එම අහිතකර කොන්දේසි ඉවත් කොට ගිවිසුම සංශෝධනය කිරීම සඳහා MCC ආයතනය සමඟ රජය සාකච්ජා පවත්වා තිබේද? සංශෝධනවලින් අනතුරුව හෝ මෙම ගිවිසුම අත්සන් කිරීමට රජය අපේක්ෂා කරන්නේද? යන ප්‍රශ්න විපක්ෂනායකයා ආණ්ඩු පක්ෂයට යොමුකරන ලදී.

ජාත්‍යන්තර ගිවිසුම් සමාලෝචනය කිරීමේදී යම් විධිමත් ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වන අතර එබැවින් වගකිව යුතු රජයක් ලෙස යෝජිත ගිවිසුමේ අඩංගු කරුණු සොයා බැලීම සඳහා විද්වත් කමිටුවක් පත්කරන ලද බවයි.

MCC ගිවිසුම සමාලෝචනය කිරීම සඳහා පත්කර ඇති කමිටුවේ වාර්තාව 2020 ජුනි මස 23 වැනි දින නිකුත් කරන ලද අතර එය ශ්‍රී ලංකාවට අහිතකර කොන්දේසි පිළිබඳ සමාලෝචනයක් එම වාර්තාවේ දැනටමත් දක්වා තිබෙනවා බවද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More