දේශීය පුවත්

මේ දිනවල දැඩි ආන්දෝලනයට හේතුවී ඇති පාම් ඔයිල් ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ආනයනය කිරීම සඳහා හේතුවී ඇත්තේ මෙරට බිස්කට් වර්ග හා බේකරි නිෂ්පාදන වර්ග රැසකට පාම් ඔයිල් යොදා ගැනීම බව හෙළිවී තිබේ.

පාම් ඔයිල් පිළිකා කාරක බවට චෝදනා එල්ලවී ඇති අතර මෙරට විශාල පරිභෝජනයක් ඇති බිස්කට් හා බේකරි නිෂ්පාදන වලට ඒවා යොදා ගැනීම මෙරට පිළිකා රෝගීන් සංඛ්‍යාව ඉහල යාමට බලපා ඇතැයිද පැවසේ.

මේ අතර ජනාධිපතිවරයා පසුගිය රාජාසන කතාවේදී පාම් ඔයිල් හෙවත් කටු පොල් වගාව තහනම් කරන බව ප්‍රකාශ කරන ලදී.එහෙත් එම තහනම ඉවත් කර ගැනීම සඳහා කටුපොල් වගා කරන සමාගම් රැසක් විවිධාකාරයෙන් ජනාධිපතිවරයා වෙත බලපෑම් කරන්නට පටන් ගෙන තිබේ.

මෙරට කටු පොල් වගාවේ යෙදෙන්නේ අතිශය ධනවත් මෙරට ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන් පිරිසකි. කටුපොල් වගාව නිසා ඒවා වගාකරන මෙරට බොහෝ ප්‍රදේශවල පස නිසරු බවට පත්වී ජල උල්පත් සිඳී ගොස් තිබේ. එසේම රබර් හා පොල් ඉඩම්වල මේවා වගාකිරීම නිසා එම වතු වල සේවය කල  දහස් ගනනකට රැකියා අහිමිවී තිබේ.

සබැදි පුවත් –

ජනපතිගේ අණට පිටුපා සමාගම් තුනක් කටුපොල් වගාවට පණ දෙයි…

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More