අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වෙත ද්‍රව පෙට්‍රෝලියම් (LPG) වායු හිස් ලෝහ සිලින්ඩර සැපයීමේ කොන්ත්‍රාත්තුව තායිලන්තයේ Metal Mate Co. Ltd සහ Sahamitr Pressure Containers Public Co, Ltd වෙත ප්‍රදානය කිරීම පිණිස මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
මෙහිදී කිලෝග්‍රෑම් 2.3, 12.5 හා 37.5 යන කාණ්ඩයන් යටතේ පිළිවෙලින් සිලින්ඩර 22,000ක්, 105,056ක් සහ 1,260 ක ප්‍රමාණයක් සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව ඇමරිකානු ඩොලර් මිලියන 2.18 ක මුදලකට Metal Mate Co. Ltd වෙත සහ කිලෝග්‍රෑම් 05 කාණ්ඩය යටතේ සිලින්ඩර 117,040ක ප්‍රමාණයක් සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව ඇමරිකානු ඩොලර් මිලියන 1.58 ක මුදලකට Sahamitr Pressure Containers Public Co, Ltd වෙත ලබා දීමට තීරණය වී ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...