දේශීය පුවත්

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරෙකු වන මොහොමඩ් රිෆ්කාන් ඇතුළු දෙදෙනෙකුට එරෙහිව සිදුකරන විමර්ශන කටයුතු විධිමත් කොට ඊට සම්බන්ධ සෙසු සැකකරුවන් සිටී නම් ඔවුන් ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

ව්‍යාජ ඔප්පු සකස් කර තලෙයි මන්නාරම් ප්‍රදේශයේ අක්කර 80 කින් යුත් ඉඩම් කොටස් දෙකක් නීති විරෝධී විකිණීම සම්බන්ධයෙන් වු පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ දන්වා සිටියේ, මෙම ඔප්පුවල අන්තර්ගත ව්‍යාජ අත්සන් පිළිබඳව රජයේ රස පරීක්ෂක වාර්තා ඉල්ලා ඇති බවය.

ඒ අනුව රජයේ රස පරීක්ෂක වාර්තා ලැබීමෙන් පසුව විමර්ශන කටයුතු අවසන් කර උපදෙස් පතා විමර්ශන ගොනු නීතිපතිවරයා වෙත යොමු කිරීමට පියවර ගන්නා බවත් දන්වා ඇත.

එම අවස්ථාවේ අගතියට පත් පාර්ශවයේ නීතිඥවරයා කරුණු දක්වමින් මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් නඩු දිනයේ දී ප්‍රකාශ කළත් දැන් එම විමර්ශන කටයුතු අවසන් වීමට ආසන්න බව ප්‍රකාශ කිරීම ගැටලු සහගත බව කියා සිටියේය.

මෙම නඩුවේ සැකකරුවන්ගේ පාර්ශවයෙන් එල්ල වී ඇති බලපෑමක් හේතුවෙන් මෙවැනි තත්ත්වයක් උද්ගත වී ඇත් ද යන සැකය තම සේවාදායකයා තුළ ඇති වී තිබෙන බව පෙන්වාදුන් අගතියට පත් පාර්ශවයේ නීතිඥවරයා විධිමත්ව විමර්ශන කටයුතු සිදුකර සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණය ඉල්ලා සිටියේය.

ඒ අනුව මෙහිදී මහෙස්ත්‍රාත්වරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වේ නිලධාරින්ට නියෝග කළේ, මෙම සිද්ධියට අදාළ විමර්ශන විධිමත්ව සිදුකොට සෙසු සැකකරුවන් ද සිටී නම් ඔවුන් ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More