විදේශ පුවත්

කොරෝනා වයිරසයෙන් ආසාදිත තත්ත්වයට පත්ව ඇත්දැයි සොයා බැලීමට කෙරෙන පරීක්ෂණ පසුපස මිනිස් අවයව ජාවාරමක් ක්‍රියාත්මක වන බවට උතුරු ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ කටකතා පැතිර ගොස් තිබේ.

කටකතා වැඩි වශයෙන්ම පැතිර යමින් තිබෙන්නේ ප්‍රාන්තයේ ග්‍රාමීය ප්‍රදේශවලය. මේ කටකතා හේතුවෙන් සාමාන්‍ය ජනයා දැඩි ලෙස බියට සහ මානසික ආතතියකට ලක්ව සිටිති.

කොරෝනා වයිරසය ප්‍රෝඩාවක් බවත්, වයිරසය ආසාදනය වී නොමැති අය පරීක්ෂණවලින් හඳුනාගෙන ඔවුන්ව රැකවරණ මධ්‍යස්ථානවලට රැගෙන යන බවත් සාමාන්‍ය ජනයා විශ්වාස කරන්නෝය.

එසේ රැගෙන යන අයගෙන් අවයව ලබා ගන්නා බවත්, එම මධ්‍යස්ථානවලදීම ඔවුන් මරා දැමෙන බවත් ග්‍රාමීය ජනයා පවසති. සැක දුරු කිරීම සඳහා මෘත දේහ මාරුකරන බවත් මේ කටකතාවල සඳහන් වේ. පදනම් විරහිත මෙම කටකතා පණිවුඩ ලෙසත් වීඩියෝ ලෙසත් වට්ස්අප් ආදී සමාජ මාධ්‍යවලින් ප්‍රචාරය වෙමින් තිබේ.

කටකතා හේතුවෙන් බියටත්, මානසික පීඩනයකටත් පත් ජනයා සෞඛ්‍ය සේවකයන්ට විරෝධය පෑමටත් ඇතැම් අවස්ථාවලදී පහරදීමටත් පෙලඹී සිටිති. කොරෝනා ආසාදන වී ඇත්දැයි සනාථ කර ගැනීමට කෙරෙන පරීක්ෂණ සඳහා රුධිර ආදී සාම්පල එකතු කරගැනීමට ගම්වලට පැමිණෙන සෞඛ්‍ය සේවකයන්ට සාමාන්‍ය ජනයා ගල් මුල්වලින් දමා ගසා ඇති අවස්ථාද වාර්තා වේ.

සෞඛ්‍ය සේවකයන් ආපසු හරවා යැවීමට පවා සමහර ගැමියන් ඉදිරිපත් වී ඇත. එවැනි ගැමියන් සඳහන් කරන්නේ පරික්ෂා කිරීම් කිසිවක් තමන්ට අවශ්‍ය නැති බවකි.

ඇති වී තිබෙන අනවබෝධය සහ සැකය දුරු කිරීමට සාමාන්‍ය ජනයා දැනුවත් කිරීමේ වැඩසටහන් ඉන්දීය රජය ආරම්භ කර තිබේ. ජනතාවගේ සැකය දුරු කිරීම අරමුණු කරගත් පණිවුඩ සහ වීඩියෝද රජය ව්‍යාප්ත කරමින් සිටී.

පෝලියෝ සහ රුබෙල්ලා එන්නත් ලබාදීමේ ව්‍යාපාර ආරම්භ කළ අවස්ථාවන්වලදීද සාමාන්‍ය ජනයාගෙන් විරෝධය එල්ල වූ බව ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු පවසති. පන්ජාබ් ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයන් හැටපන් දහසකට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇත. එහි කොරෝනා මරණ දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් සිදුව ඇති බවද සඳහන් වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More