ගව ඝාතනය තහනම් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෙනා යෝජනාව මසකින් කල් දැමීමට කැබිනට් මණ්ඩලය තීන්දු කොට ඇත.
ඒ සදහා නිසි වැඩපිළිවෙළක් සකස් කිරීම මෙම කාලය ඇතුළත සිදුකිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබේ.
එක්වරම ගව ඝාතනය තහනම් කළහොත් ගවමස් හිගයක් මතුවිය හැකි බැවින් ගවමස් ආනයනය කිරීමේ නිශ්චිත ක්‍රමවේදයක් සකස් කොට ගව ඝාතනය තහනම් කිරීම ආණ්ඩුවේ සැලසුම් වී තිබේ.
පසුගියදා පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගව ඝාතනය තහනම් කිරීමේ යෝජනාව අගමැතිවරයා විසින් ඉදිරිපත් කළ අතර ඊට මන්ත්‍රීී කණ්ඩායමේ ඒකමතික අනුමැතිය හිමිවිය.
මේ අතර පසුගියදා අමාත්‍යමණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ මෙම තීරණය ප්‍රායෝගික නොවන බවට ජාතික බලවේග ඇතුළු විද්වත්හූ අදහස් පළ කර තිබුණි.
සබැදි පුවත් –

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
mahinda ohoma wihilu karanawa