ලබන සතියේ සිට මහජන දිනය ලෙස “සඳුදා දිනය” නම් කිරිමට කැබිනට් මණ්ඩලය ඊයේ දිනයේදී තීරණය කළ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක උදය ගම්මන්පිළ පවසයි.
වසර 60ක පුරා මහජන දිනය ලෙස බදාදා දිනය පැවති බවත් බදාදා දිනයේදී පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනයක් වන බැවින් අමාත්‍යවරුන් පාර්ලිමේන්තුවේ රැඳී සිටීම අනිවාර්ය නිසා මෙම තීරණය ගත් බවයි අමාත්‍ය උදය ගම්මන්පිළ ප්‍රකාශ කළේ.
ඒ අනුව කැබිනට් මණ්ඩලය ලබන සතියේ සිට බදාදා පෙරවරුවේ පැවැත්වීමට තීරණය කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...