ආනවිළුන්දාව රැම්සා තෙත් බිමේ කොටසක් ඩෝසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පත්කළ පංච පුද්ගල කමිටුව ඉදිරිපත් කළ වාර්තාව වනජීවී සහ වන සංරක්ෂණ ඇමැති සී.බී රත්නායක විසින් ඊයේ (09 වැනිදා) පාර්ලිමේන්තුවේ සභාගත කළේය.
ආනවිළුන්දාව තෙත් බිම් විනාශ කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන සිදුකෙරෙන බවත් පරිසරය විනාශ කරන කවර තැනැත්තකුට වුවද තරාතිරම නොබලා දඬුවම් ලබාදෙන බවත් ඇමතිවරයා සඳහන් කළේය. අදාළ ප්‍රදේශයේ ඩෝසර් කිරීම සඳහා යොදා ගත් බැකෝ යන්ත්‍රය, ක්‍රියාකරු හා උපදෙස් දුන් තැනැත්තා අත්අඩංගුවට ගත් බවත් අදාළ පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
සී.බී. රත්නායක ඇමැතිවරයා මේ බව සඳහන් කළේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස 27/2 යටතේ මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා, ආනවිළුන්දාව අභයභුමිය වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ අභය භුමියක් ලෙස පිළිගත් ස්ථානයක්. ඒ වගේම රැම්සා සම්මුතියට ඇතුළත් තෙත් බිමක් ලෙස පිළිගෙන තිබෙනවා. අක්කර එකයි දශම හයකට ආසන්න ප්‍රමාණයක් 2020-08 -25 දින ඩෝසර් කර එලි පෙහෙළි කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ වනජීවි නිලධාරීන් පරීක්ෂණ සිදුකර තිබෙනවා. දින දෙකක් තිස්සේ මෙය ඩෝසර් කරන බව සඳහන් කිරීම අසත්‍යයක්. මේ සම්බන්ධයෙන් විමර්ශන 2020-08-26 වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබෙනවා. එසේම ඒ පිළිබඳ වන බී වාර්තාවද අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම මෙම භුමිය ඩෝසර් කිරීම සඳහා යොදාගත් ඩෝසරය, එහි ක්‍රියාකරු ඒ සඳහා උපදෙස් දුන් තැනැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම මේ පිළිබඳව විමර්ශන කටයුතු පොලිසිය හා වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනවා. මේ ප්‍රදේශ ආශ්‍රිතව සිදුකරන මුර සංචාර වැඩිකරන ලෙසද වනජීවි අධ්‍යක්ෂවරයා නිලධාරින්ට දැනුම් දී තිබෙනවා.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...