දේශීය පුවත්

පේ‍්‍රමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට පැමිණි අවස්ථාවේදී තමන් විසින් නඟන ලද රීති ප‍්‍රශ්නය කථානායකවරයා නොසලකා හැරිය බවට විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09 වැනිදා) චෝදනා කළේය.

ලේකම් කාර්යාලයද ඊට හොඳට  ගොටුව ඇල්ලූ බවත් මූලාසනය විසින් තම රීති ප‍්‍රශ්නය සඳහා අවසර ලබා දුන්නේ මන්ත‍්‍රීවරයා දිවුරුම් දීමෙන් පසුව බවත් කිරිඇල්ල මහතා කීය.

මන්ත‍්‍රීවරයකු ලෙස දිවුරුම් දීම වැදගත් ගෞරවණීය අවස්ථාවක් බවත් එවැනි අවස්ථාවක රීති ප‍්‍රශ්නයක් නැගීම යුතු නැති කාර්යක් බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එහිදී ප‍්‍රකාශ කළේය.

විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා- පේ‍්‍රමලාල් ජයසේකර මහතා දිවුරුම් දෙන අවස්ථාවේ මම රීති ප‍්‍රශ්නයක් නැගුවා. එය මගේ පෞද්ගලික ප‍්‍රශ්නයක් නොවේ. කථානායකවරයා එහිදී මං නැගූ ප‍්‍රශ්නය දිහා බැලූවේ නැහැ. ලේකම් කාර්යාලයත් ඊට හොඳට ගොට්ට ඇල්ලූවම විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක රීති ප‍්‍රශ්නයක් නැගුවම එයට ඉඩදිය යුතුයි. පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය එයයි.

කථානායක: ඔබතුමාට අවස්ථාව දුන්නනේ?

කිරිඇල්ල මහතා: දිවුරුම් දුන්නට පසුවයි දුන්නේ.

කථානායක: මන්ත‍්‍රීවරයකු පැමිණ දිවුරුම් දෙන අවස්ථාව වැදගත් ගෞරවණීය අවස්ථාවක්. ඒ වෙලාවේදී වෙනත් ප‍්‍රශ්න මතුකිරීම යුතුකමක් නොවේ.

කිරිඇල්ල මහතා: වෙනත් ප‍්‍රශ්නයක් නොවේ මං නැගුවේ රීති ප‍්‍ර‍්‍රශ්නයක්.

කථානායක: මන්ත‍්‍රීවරයකු දිවුරුම් දීම සම්බන්ධව නැගිය හැකි රීති ප‍්‍රශ්නය කුමක්ද?

එස්. එම්. මරික්කාර් මහතා: ඔබතුමාට දැන් තිබෙන පීඩනය අපට තේරෙනවා. ඊට යටත් නොවී ස්වාධීන කථානායකවරයකු වෙන්න. ආණ්ඩුවට සිටින මන්ත‍්‍රීවරුන් 148 දෙනා විතරක් නොවේ. මන්ත‍්‍රීවරුන් 225 දෙනාම ඔබට අයිතියි.

සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා:  ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේවත් ලෝක පාර්ලිමේන්තු ඉතිහාසයේවත් මන්ත‍්‍රීවරයකු දිවුරුම් දෙන වෙලාවේ ඊට විරුද්ධ වන සම්ප‍්‍රදායක් නැහැ. හිටපු සභානායකවරයාට මම ඒ බව මතක් කර දෙන්න කැමතියි.

දිවයින



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More