දේශීය පුවත්

ආනවිළුන්දාව “රැම්සා අභයභූමියට“ අයත් ප්‍රදේශයක් අනවසරයෙන් සහ අනීතික ලෙස එළිකර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ සොහොයුරා වන ආරච්චිකට්ටටුව හිටපු ප්‍රාදේශීය සභා සභාපති ජගත් සමන්ත යන අයගේ ඉල්ලීම මත බව අදාළ පරිසර විනාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටු වාර්තාව අනාවරණය කරයි.

එම කමිටුවේ වාර්තාව ඊයේ විෂයභාර අමාත්‍යවරයා වෙත ලබා දීමෙන් අනතුරුව ඊයේ (09) පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සිදුකළේය.

ආනවිළුන්දාව අභයභූමිය සහ “රැම්සා තෙත්බිම්“ ආශ්‍රිත වූ පරිසර විනාශය සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව උපුටා දැක්වීම.

“පොලීසියට ලබා දුන් සාක්ෂිවලට අනුව මෙම ඉස්සන් කොටුව ප්‍රතිසංස්කරණය කිරීමේ නිරත වූ ඩෝසර් හිමිකරු පෝරුවතොටගේ සුජිත් නිශාන්ත ප්‍රනාන්දු යන අය ලෙසත් ඉස්සන් කොටුව ශුද්ධ කිරීමේ කොන්ත්‍රාත්තුව ලබාදුන් පුද්ගලයා වර්ණකුලසූරිය නිශාන්ත ප්‍රනාන්දු යන අය බවත් කමිටුව විසින් හඳුනාගෙන තිබේ.

ආරච්චිකට්ටටුව හිටපු ප්‍රාදේශීය සභා සභාපති ජගත් සමන්ත යන අයගේ ඉල්ලීම මත මෙම සුද්ධ කිරීම සිදුකර ඇති අතර ඔහු විසින් මීට පෙර අවස්ථා කිහිපකදී ද, අදාළ ප්‍රදේශය ඉස්සන් වගා ව්‍යාපෘති සඳහා මෙලෙස භාවිත කර තිබෙන බව ද මෙම වාර්තාවේ සඳහන්ය.

මෙම ජගත් සමන්ත යනු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ සොහොයුරාය.

සිද්ධිය පිළිබඳව කමිටුව ලබාගත් සියලු සාක්ෂි සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව ඔවුන් නිරීක්ෂණය කළ කරුණු ලෙස මෙම ඉඩම අනවසරයෙන් සහ අනීතික ලෙස ඉස්සන් ව්‍යාපෘතියක් සඳහා යොදාගැනීමට උත්සහ කර ඇති බව සඳහන් කර තිබේ.

ඒ අනුව අදාළ වරදකරුවන්ට රුපියල් 15000 සිට ලක්ෂ 05ක් දක්වා දඩ මුදලකට හෝ වසර 02කට නොඅඩු සහ වසර 05කට නොවැඩි බන්ධනාගාරගත කිරීම යන දඬුවමකට යටත් වන වරදක් බව කමිටු වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ය.“

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More