දේශීය පුවත්

සමගි ජන බලවේගය නායකත්ව මණ්ඩල සාමාජික පාඨලී චම්පික රණවක මහතා එම පක්ෂයේ වැඩ කටයුතු වලින් ඉවත්ව සිටින බව දැනගන්නට තිබේ.

ඒ තනතුරු ප්‍රශ්නයක් මුල් කොටගෙන බව වාර්තා වේ.

සමගි ජන බලවේගය පිහිටුවීමෙන් පසු එහි ජාතික සංවිධායක ධුරය චම්පික රණවක මහතා බලාපොරොත්තු විය. එහෙත් එම තනතුර තිස්ස අත්තනායක මහතාට ලබාදීමට සමගි ජන බලවේගය කටයුතු කරන ලදී.

ඉන්පසු චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය බලාපොරොත්තුවෙන් සිටි බව වාර්තා වේ. එහෙත් එම ධූරය යහපාලන ආණ්ඩුවේ හිටපු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට ලබාදීමට සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගන්නා ලදී.

මෙම තනතුරු ප්‍රශ්න මුල් කොටගෙන පාඨලී චම්පික රණවක මහතා මේ වන විට සමගි ජන බලවේගයේ වැඩකටයුතුවලට සහභාගි වන්නේ ඉදහිට වන අතර එහි නායකත්ව මණ්ඩල රැස්වීම් රැසකටම සහභාගි වී නොමැති බවද දැනගන්නට තිබේ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More