දේශීය පුවත්

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අලුත් තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් ලෙස ප්‍රකට පුද්ගලයින් කිහිපදෙනෙකු රජය මගින් නම් කර තිබේ.

ඒ අය අතර ඉන්දියානු මහකොමසාරිස් ලෙස මිලින්ද මොරගොඩ මහතාගේ නමද, ඇමරිකානු තානාපතිවරයා ලෙස රවිනාථ ආර්යසිංහ මහතාගේ නමද, ප්‍රංශ තානාපතිනිය ලෙස මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මියගේ නමද, චීන තානාපති ලෙස ආචාර්ය පාලිත කොහොනගේ නමද, ජපානයේ තානාපති ලෙස සංජීව් ගුණසේකර මහතාගේ නමද ඇෆ්ගනිස්ථානයේ තානාපති ලෙස අද්මිරාල් කේ.කේ.වී.පී. හරිස්චන්ද්‍ර මහතාගේ නමද නම් කර ඇත.

මොවුන් එම තනතුරු වලට යෝග්‍යද යන්න පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තු මහලේකම් වරයා විසින් අද (09) පුවත්පත් දැන්වීමක් ප්‍රසිද්ධ කර තිබේ. උසස් නිලතල පිළිබඳ කාරක සභාව මගින් රාජ්‍ය සේවයේ සහ රාජ්‍ය සංස්ථාවල තනතුරු සඳහා පත් කෙරෙන හෝ නම් කෙරෙන පුද්ගලයින්ගේ යෝග්‍යතාව පරීක්ෂා කිරීමට පවතින නීති විධාන ප්‍රකාරව මෙම දැන්වීම පළ කර ඇති අතර ඒවාට ඔවුන් සුදුසුද නැද්ද යන්න මහජනතාවට තීන්දු කර දැනුම් දෙන්නැයිද එම දැන්වීම මගින් ඉල්ලා ඇත.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More