එක් එක් පුද්ගලයින්ගේ අවශ්‍යතා මත නීති සම්පාදනය කිරීම කවුරුන් කළත් එය වැරදි බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
“පුද්ගලයින් ඉලක්ක කරගෙන නීති සම්පාදනය කිරීම එදා කළත් වැරදියි, අද කළත් වැරදියි. අපි නීති සම්පාදනය කරන්න ඕනේ පුද්ගලයින්ගේ අවශ්‍යතා දිහා බලලා නෙවෙයි, පොදුවේ රටක් හා සමාජයක්, අපේ රාජ්‍යයේ අවශ්‍යතා දිහා බලලා.
එතකොට රාජ්‍යය බල ගන්වන්න, සමාජය බල ගන්වන්න … ඒ සඳහා තමයි අපි නීති සම්පාදනය කළ යුත්තේ. ඉතිං අපි හිතනවා පුද්ගලයින් ඉලක්ක කරගෙන නීති සම්පාදනය කිරීම කොහෙන් කවුරු කරත් ඒක සුදුසු නෑ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ ඊයේ (08) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...