දේශීය පුවත්

හෙරොයින් අලෙවි කිරීම හා සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් කළුතර බන්ධනාගාරයේ රඳවා තබා සිටි කාන්තාවක් සිර ගෙදර සිවිලිම කඩා වහලයට නැග තාප්පයෙන් පැන ඊයේ (8 දා* සවස 4.30 ට පමණ පළා ගොස් ඇතැයි උතුරු කළුතර පොලිසිය පවසයි.

පසුගිය 1 වැනිදා තී‍්‍රවිල් රථයකින් හෙරොයින් ප‍්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දින 7 ක් තිස්සේ ප‍්‍රශ්න කිරීමෙන් පසුව මෙම කාන්තාව ද සැකකරුවන් දෙදෙනකු ද පෙරේදා (7 දා* කළුතර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලදී.

පානදුර අළුබෝමුල්ල පදිංචි තම්බිගේ දිනේෂා සුභාෂනි නමැති මෙම සැකකාරිය හෙරොයින් ග‍්‍රෑම් 3 යි මිලි ග‍්‍රෑම් 100 ක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

කළුතර බන්ධනාගාරයේ ළමා සුරැුකුම් මධ්‍යස්ථානයේ සිර මැදිරියක ඇයව දුම්බර බන්ධනාගාරයට රැුගෙන යෑමට මෙසේ රඳවා සිටි බවද බන්ධනාගාර නිලධාරීහු පවසති.

මෙම සැකකාරිය තාප්පයෙන් පැන තී‍්‍රවිල් රථයක නැගී පළා ගොස් ඇතැයි ද පොලිසිය පවසයි.

 

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More