දේශීය පුවත්

නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න සම්බන්ධයෙන්, එම නෞකාවට අදාළ විදේශ රක්ෂණ සමාගම මෙතෙක් කිසිදු පියවරක් හෝ ප්‍රතිචාරයක් දක්වා නොමැති බව සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ දර්ශනී ලහඳපුර, නීතිපති දප්පුලද ලිවේරා වෙත ඊයේ (08 වැනිදා) දැනුම් දී තිබේ.

මේ පිළිබඳව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිශාරා ජයරත්න මෙසේ ප්‍රකාශ කළාය.

‘‘හදිසි අවස්ථාවක දී නැවේ තෙල් පිටාර ගැලීම හෝ කාන්දුවීම සිදුවහොත් ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් අදාළ ආයතනය සමග ඒකාබද්ධව පියවර ගැනීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් සාකච්ඡා වුණා. විශේෂයෙන්ම සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් මේ සම්බන්ධයෙන් ගත යුතු පියවර තුනක් සම්බන්ධයෙන් විදේශීය රක්ෂණ සමාගම ලිඛිතව දැනුවත් කළා. එම ලිඛිත දැනුම්දීම ඉකුත් 04 වැනි දින සිදු කර ඇති බවට එම අධිකාරිය දැනුම් දුන්නා.

මෙම නැවේ ඇති වී තිබෙන ගින්න පාලනය කිරීමට හෝ නිවා දැමීමට කඩිනම් පියවර ගැනීම, තෙල් පිටාර ගැලීම කාන්දුවීම වැළැක්වීමට යෝග්‍ය පියවර හා පූර්ව ආරක්ෂාව ගැනීම සහ නෞකාව ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශයෙන් ඉවතට ඇදගෙන යෑමට ඇති අවශ්‍යතාවය සහ අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් සමුද්‍රිය පරිසර ආරක්ෂක අධිකාරිය විසින් අදාළ විදේශීය රක්ෂණ සමාගම දැනුවත් කර තිබෙනවා. නමුත් ඔවුන් විසින් මේ වන තෙක් කිසිදු ප්‍රතිචාරයක් හෝ පියවරක් ගෙන නොමෙැති බවට සමුද්‍රිය පරිසර ආරක්ෂක අධිකාරියේ සභාපතිනිය විසින් නීතිපතිවරයා දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව පවතින තත්ත්වය සලකා බලා නැව ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශයෙන් ඉවතට රැගෙන යෑමට කටයුතු කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ අවශ්‍යතාවය නීතිපතිවරයා දැනුම් දී තිබෙනවා.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More