විදේශ පුවත්

වසර හතළිස් පහකට පසු හිමාලයේ ඉන්දු – චීන දේශ සීමාවේදී දෙරට අතර වෙඩි හුවමාරු සිදුව තිබේ.

ඉන්දියාව හා චීනය 1962 දී දේශ සීමාව වෙනුවෙන් යුද වැදුණු අතර 1975 දී අවසන් වරට දෙරට අතර වෙඩි හුවමාරුවක් සිදු විය. 1996 දී ඇතිකර ගන්නා ලද

ගිවිසුමක් අනුව එතැන් පටන් මෙම දේශසීමාව යුද මුක්ත කලාපයක් ලෙස නම් කරන ලද අතර යුද අවි සහ පුපුරන ද්‍රව්‍ය භාවිතය තහනම් විය.

කෙසේ වෙතත් චීනය චෝදනා කරන්නේ ඉන්දීය සෙබළුන් චීන දේශසීමාව උල්ලංඝනය කරමින් තම රටට ඇතුළුවී වෙඩි තැබූ බවයි.

එහෙත් ඉන්දියාව පවසන්නේ චීන සෙබළුන් වෙඩි තැබූ බවය.

මේ අතර ඉන්දියානු යුද හමුදාව පවසන්නේ දෙරට අතර සාමය පවත්වා ගැනීමට කැප වන අතර ඉන්දියාවේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරීත්වය රැුකගැනීමට සියලූ ආකාරයෙන් කැප වෙන බවය.

කෙසේ වෙතත් පවතින තත්ත්වය මත දෙපාර්ශවය අතර ඕනෑම මොහොතක දෙරට අතර දරුණු යුද්ධයක් ඇවිලී යාහැකි බව දේශපාලන විශ්ලේෂකයින්ගේ අදහස වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More