දේශීය පුවත්

යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ වූ කාරණා කිහිපයක් සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය නිල වශයෙන් තීරණය කිරීම තවත් දින කිහිපයකින් කල් යනු ඇතැයි එම සන්ධානයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ (08 වැනිදා) රැස්වීමට නියමිතව තිබුණත්, ඒ සඳහා දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර ප්ලොට් හා ටෙලෝ පක්ෂවල නායකයින් දෙපළ සහභාගි වූයේ නැත.

මේ සන්ධානයෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් පසුගියදා සඳහන් කළේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලි‌මේන්තු කණ්ඩායම ඊයේ (08 වැනිදා) රැස්ව අවසන් තීරණය ප්‍රකාශ කරන බවයි.

කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස් වී සාකච්ඡා කළ ද හවුල් පක්ෂ නායකයින්​ සහභාගීත්වයකින් තොරව තීරණයක් ගත නොහැකි බවත්, බොහෝ විට අනිද්දා (10 වැනිදා) මේ පිළිබඳ අවසන් තීරණයක් ගනු ඇති බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පැවැසීය.

දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය ප්‍රමුඛ සියලුම නියෝජිතයින්ට අදහස වී ඇත්තේ 20 වැනි සංශෝධනය රටට හා ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකර බවයි. නමුත් දේශපාලන බලවේගයක් වශයෙන් මෙතෙක් ස්ථිර තීරණයක් ගෙන නොහැති බවද ඔවුහු පැවසූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More