දේශීය පුවත්

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් විගණකාධිපතිවරයාගේ විෂය පථය සීමා කිරීම මත පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) මෙන්ම රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) ද කටයුුතු සීමා වන තත්ත්වයක් උද්ගත වී තිබේ.

පාර්ලිමේන්තුවේ මෙම කමිටු දෙකම ක්‍රියාත්මක වන්නේ විගණකාධිපතිවරයාගේ වාර්තා පාදක කර ගනිමිනි. රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඇතුළු රාජ්‍ය ආයතන පහක විෂය පථයන් ද සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති සියයට 50කට හෝ ඊට වැඩි ප්‍රාග්ධන ප්‍රතිශතයක් රජය දරන සමාගම්ද විගණකාධිපතිවරයාගේ විෂය පථයෙන් ඉවත් කිරීමට යෝජිතය. මෙවැනි සමාගම් එකසිය පනහක් පමණ පවතින අතර යෝජිත සංශෝධනය අනුව එම සමාගම් විගණනය කිරීමේ බලයක් විගණකාධිපතිවරයාට හිමි නොවේ.

මෙම කමිටු පත් කිරීමට අදාළ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කෝප් මෙන්ම කෝපා යන කමිටු කටයුතු කළ යුතු වන්නේ විගණකාධිපතිවරයාගේ සහාය ලබා ගනිමිනි. එම සහාය ලබා ගැනීම යනු විගණකාධිපතිවරයාගේ විගණන වාර්තා කමිටුවල සාකච්ඡා සඳහා පාදක කර ගැනීමය. එම සමාගම්වල නිලධාරීන් ඇතුළු වගකිව යුත්තන් පාර්ලිමේන්තුවට කැඳවා ප්‍රශ්න කිරීමට හැකි වන්නේ ද ඒ අනුවය. විගණකාධිපතිවරයා එම ක්ෂේත්‍ර සම්බන්ධයෙන් විගණනය නොකරන්නේ නම් මෙම කමිටුවලට ද ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට හැකියාවක් නැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More