දේශීය පුවත්

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කරන බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (08) ප්‍රතිඥාවක් ලබාදුන්නේය.

ඒ අපවත් වී වදාළ පූජ්‍ය මාදුවවාවේ සෝභිත හිමියන්ගේ පිළිරුව අබියසදීය. 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළකරමින්  සමගි ජන බලවේගය සංවිධාන කරන “19න් ඉදිරියට ජනතා ව්‍යාපාරය ” සත්‍යක්‍රියාව, අපවත්වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ පිළිරුව අබියසදී අද පස්වරු 4ට ආරම්භ කිරීමට නියමිතව තිබුණි.

කෙසේවෙතත් සංවිධායකයින් විසින් වැඩසටහනට අදාළ ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාකරවීමට අවශ්‍ය අවසරය ලබා නොගැනීම හේතුවෙන් වැඩසටහනේ ආරම්භයේදී ගැටලුකාරී තත්ත්වයක් හටගත්තේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් වැඩසටහන ආරම්භවුයේ ඉන් අනතුරුවය. 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමේ ප්‍රතිඥාව පැමිණ සිටි සියලු මන්ත්‍රීවරුන් විසින් ලබාදෙනු ලැබුවේ ඉන් අනතුරුවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More