දේශීය පුවත්

දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයකු වූ කිත්සිරි රණවක මහතා කර ඇති පැමිණිල්ලකට අදාළව වගඋතන්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දහසය
දෙනකුට දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ලබන 19 වැනිදා පෙනී සිටින ලෙස කොමිසම් සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අවසන් වරට ඊයේ (7) නොතීසි නිකුත් කළේය. එදින මෙම කොමිසම හමුවේ පෙනී නොසිටින වගඋත්තරකරුවන්ට එරෙහිව කොමිසමට හිමිවී තිබෙන බලතල අනුව නීතිමය පියවර ගන්නා බව කොමිසමේ සභාපති උපාලි අබේරත්න මහතා සඳහන් කළේය.

කිත්සිරි රණවක මහතා කර ඇති  පැමිණිල්ල මගින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වූ මංගල සමරවීර, රාවුෆ් හකීම්, සරත් ෆොන්සේකා, මලික් සමරවික්‍රම යන මහත්වරුන් හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන්, ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක, එම්.ඒ. සුමන්තිරන් සහ ජනාධිපති නීතිඥවරුන් වන ජයම්පති ක්‍රමරත්න, ජේ.සී. වැලිඅමුණ යන මහත්වරුන් ඇතුළු දාහත් දෙනෙක් වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.

මෙම පැමිණිල්ල ඊයේ යළි කැඳවූ අවස්ථාවේ වගඋත්තරකරුවකු වන අනුර කුමාර දිසානායක මහතා කොමිසම හමුවේ පෙනී සිටි අතර, අනෙක් වගඋත්තරකරුවෝ නීතිඥවරුන් මාර්ගයෙන් කොමිසමට නොපැමිණීමට හේතු දක්වා සිටියහ. ඒ කෙරෙහි අවධානය යොමු කළ කොමිසමේ සභාපති උපාලි අබේරත්න මහතා, වගඋත්තරකරුවන් දිගින් දිගටම කොමිසම මගහැර සිටින බව සඳහන් කරමින් ඔවුන්ට ලබන 19 වැනි දින පෙනී සිටීමට නොතීසි නිකුත් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More