දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ අනන්‍යතාවට සහ ඓතිහාසික පැවැත්මට උචිත වන ආකාරයට ඉදිරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන කටයුතු සිදු විය යුතු බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් තමන් සමඟ පැවසූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අද (08) කොළඹ අගරදගුරු නිල නිවසේ දී අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහි දී මාධ්‍යවේදීන් ඉදිරිපත් කළ පහත සඳහන් ප්‍රශ්නවලට ද විමල් වීරවංශ මහතා පිළිතුරු ලබා දුන්නේය.

අද දිනයේ කාදිනල්තුමන් බැහැ දුටුවේ කුමන කරුණක් සඳහා ද?

කර්මාන්ත අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමන් බැහැ දැක ඒ පිළිබඳව කරුණු සාකච්ඡා කිරීමේ අවශ්‍යතාව තිබුණා. ඒ නිසා තමයි, අද මෙසේ පැමිණ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව සහ රටේ කර්මාන්ත ප්‍රවර්ධනයට අදාළ කරුණු පිළිබඳව සාකච්ඡාවක නිරත වූයේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා වුණාද?

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන් පිළිබඳව සිදු කෙරෙන විමර්ශන පිළිබඳව ඉතා විමසිල්ලෙන් පසුවන බව කාදිනල්තුමන් සඳහන් කළා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කාන්තාවක ඉන්දියාවට පලා ගිය බව කියැවෙනවා. මේ පිළිබඳව රජයේ අදහස කුමක්ද? එම කාන්තාව පමණක් නොවෙයි, මෙම මහා අපරාධයට ඍජුව හා වක්‍රව සම්බන්ධ සියලුදෙනා කඩිනමින් නීතියේ රැහැනට කොටුකර ගැනීම තමයි රජයේ අරමුණ. ඒ වෙනුවෙන් පොලිසිය සහ අනෙකුත් ආරක්ෂක අංශ ක්‍රියාත්මක වෙනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හිටපු ජනාධිපති හා හිටපු අගමැති ඇතුළු සියලු දෙනාගෙන් ප්‍රශ්න කිරීම් සිදු කරනවා.

මේ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වේවිද?

කලින් ආණ්ඩුව වගේ නීති විරෝධී කමිටු පිහිටුවලා ඒවායින් දෙනු ලබන උපදෙස් අනුව නීතිය ක්‍රියාත්මක වීමක් අද සිදු වන්නේ නැහැ. අද නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට සම්පූර්ණ බලය පවරා තිබෙනවා, ඒ අපරාධවලට සම්බන්ධ සියලුදෙනා නීතියේ රැහැනට හසුකර ගැනීමට. ඒ විමර්ශන පිළිබදව සමාලෝචනය කිරීමේ දී අපි විශ්වාස කරනවා මේ අපරාධයට සම්බන්ධ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට හැකිවේවි කියා.

මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් පවසනවා, ‘අයිඑස් ඉදිරියට දමා ගෙන වෙනත් තත්ත්වයන් ක්‍රියාත්මක වුණා’ කියා, මේ පිළිබඳව මොකද කියන්නේ?

රාවුෆ් හකීම් කියන්නේ මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ සහරාන්ගේ මල්ලි බෝම්බයක් අත්හදා බැලීමේ දී එය පුපුරා තුවාල ලබා රෝහල්ගතව සිටිය දී බලන්න ගිය කෙනානේ. එහෙම හකීම්ලාට අද මෙවැනි විකාර කතා කියන්න සිදු වන එක ගැන පුදුම විය යුතු නැහැ.

කාදිනල්තුමන් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාදාමය පිළිබඳව සාකච්ඡා කළාද?

උන්වහන්සේ මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පිළිබඳව ඉතා විමසිල්ලෙන් බලා සිටින බව පැවසුවා. විශේෂයෙන් මේ රටේ අනන්‍යතාවට, ඓතිහාසික පැවැත්මට උචිත වන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන කටයුතු සිදු විය යුතු බවයි උන්වහන්සේ පැවසුවේ.”

මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා ද එක්ව සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More