රෙජිෆෝම් ඇසුරුම් වෙනුවට පළතුරු, එළවළු, වීදුරු භාණ්ඩ ඇසිරීමට පරිසර හිතකාමී – ප්‍රත්‍යස්ථතාවෙන් යුත් කඩදාසි ඇසුරුමක් නිර්මාණය කළ නව නිපැයුම්කරු, Eco – Biz Packaging (Pvt) Ltd. සභාපති උදය ගුණරත්න මහතාට සිය නව නිපැයුම වෙළඳපොළට හඳුන්වාදීමට අවශ්‍ය සියලු පියවර සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන්ට සහ ඊට අයත් ජාතික කඩදාසි සමාගම, කාර්මික සංවර්ධන මණ්ඩලයට උපදෙස් දෙනු ලැබීය.
කර්මාන්ත අමාත්‍යාංශයේ පැවැති කර්මාන්තකරුවන්ගේ දිනයේ දී උදය ගුණරත්න මහතා තමන් හමු වී සිය නව නිපැයුම ප්‍රචලිත කිරීමට අවශ්‍ය සහයෝගය ඉල්ලා සිටි අවස්ථාවේ දී ඒ මහතා මෙසේ උපදෙස් දෙනු ලැබීය.
එසේම මොරටුව D Creation ආයතනයේ හිමිකරු පසිඳු විදුෂාන් පෙරේරා මහතා ද තම ආයතනය විසින් නිෂ්පාදිත දැඩි සත්කාර ඒකක සඳහා භාවිත කරන මෙතෙක් පිටරටින් ආනයනය කළ Computer in Wheels නැමැති උපාංගය කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කිරීම ද කර්මාන්ත දිනයේ දී සිදු විය.
ආනයනික මිලට වඩා ඉතා අඩු මුදලකට ‘Made in Sri Lanka’ වගකීම යටතේ දැනටමත් වෙළඳපොළට හඳුන්වා දී ඇති මෙම උපාංගය අලෙවි කර ගැනීම සඳහා රාජ්‍ය අංශයේ මැදිහත් වීම ඉල්ලා සිටි නව නිපැයුම්කරු පසිඳු ලක්ෂාන් මහතාට විමල් වීරවංශ මහතා පවසා සිටියේ ඒ සඳහා රජයේ සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කර කඩිනමින් විසඳුමක් ලබා දෙන බවය.
අද දිනයේ තමන්ගෙන් සිය කර්මාන්ත සඳහා අවශ්‍ය සහයෝගය ලබාගැනීමට හා සිය ගැටලු ඉදිරිපත් කිරීමට පැමිණ සිටි සියලු කර්මාන්තකරුවන් කැඳවා ඔවුනට කඩිනමින් සහන සැලසීමට අමාත්‍යවරයා පියවර ගනු ලැබීය.
– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
පලතුරු, එළවළු සහ වීදුරු භෘණ්ඩ අසුරන්න පරිසර හිතකාමී කඩදාසි ඇසුරුමක් ළඟදීම..
රෙජිෆෝම් ඇසුරුම් වෙනුවට පලතුරු, එළවළු වීදුරු භෘණ්ඩ අසුරන්න පරිසර හිතකාමී – ප්‍රත්‍යස්ථතාවෙන් යුත් කඩදාසි ඇසුරුමක් ළඟදීම වෙළඳපොළටනව නිපයුම්කරු උදය ගුණරත්න සභාපති ECO – Biz Packaging (pvt) Ltd(0703179707)YouTube – https://youtu.be/7cePkY8Rq38
Gepostet von Wimal weerawansa am Montag, 7. September 2020

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...