දේශීය පුවත්

අලූතින් රාජ්‍ය සේවයට බඳවා ගන්නා උපාධිධාරිනියන්ගේ ප‍්‍රසූත නිවාඩු කප්පාදු කර ඇති බවත් සතියක් ඇතුළත එම ගැටලූව නොවිසඳුවොත් ඊට එරෙහිව අධිකරණමය ක‍්‍රියාමාර්ග ගන්නා බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පැවසීය.

බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේදී ඊයේ (07දා) පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී ඒ මහතා මේ බව කීවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නාගමුව මහතා මෙසේද සඳහන් කළේය.

උපාධිධාරී පත්වීම් ලැබූ අයගෙ ලිපිවල තියනවා ප‍්‍රසූත නිවාඩු ලබා දෙන්නේ දරුවා බිහිවූ දා සිට සති හයක් බව. ආයතන සංග‍්‍රහයට අනුව ලංකාවේ ප‍්‍රසූත නිවාඩු දින 84ක් තියනවා. ඒ මදිනම් අර්ධ වැටුප් සහිතව තව දින 84ක් ගන්න පුළුවන්. තවත් අවශ්‍ය නම් වැටුප් රහිතව තවත් දින 84ක් නිවාඩු ගන්න පුළුවන්. ඒ නිසා නව උපාධිධාරීන්ට දමා තිබෙන කොන්දේසිය ආයතන සංග‍්‍රහය උල්ලංඝනය කිරීමක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයත් පිළිගෙන තියනවා මාස හතරක් ප‍්‍රසූත නිවාඩු දීම අවශ්‍ය බව. ඒ නිසා මේ කප්පාදුව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. සදාචාර විරෝධී ක‍්‍රියාවක්. මානව විරෝධී ක‍්‍රියාවක්. සතියක් ඇතුළත රජය මේක විසඳුවේ නැත්නම් අපි උසාවි යනවා. රජය මෙහෙම ප‍්‍රසූත නිවාඩු කප්පාදු කරන විට පෞද්ගලික අංශය ‘හිටගෙන’ මේ නිවාඩු කපයි. මෙහි සඳහන් වෙනවා සති හයක් ඇතුළත දරුවා මැරුණොත් මරණ සහතිකය හෝ වෛද්‍ය සහතිකය මත සති හයක නිවාඩුව දෙනවා කියලත්. සජීවී දරු උපතකටයි අජීවී දරු උපතකටයි රජය නිවාඩු දෙන්නේ එක ගාණකට. ජාතිය වඳ වෙනවා කියා කෑගැසූ පාර්ශ්ව මේ ගැන ස්ථාවරය හෙළි කළ යුතුයි. මොකද ප‍්‍රසූත නිවාඩු කප්පාදු කළාම දරුවෝ හදන්න ඉන්න අය ඒක අතහැරලා දාන්නත් ඉඩකඩ තියනවා.

නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා කියලා තිබුණා කම්කරු නීති යල්පැන ගිහින් ඇති බවත් ඒවා සංශෝධනය කළ යුතු බවත්. එසේ සංශෝධනය කරන්න හදන්නේ කම්කරු අයිතීන් මර්දනය කරන්න බව ඉදිරියේදී ජනතාවට පෙනේවි.

ඒ වගේම අලූතින් රැුකියාවලට බඳවා ගන්නා උපාධිධාරීන්ට සති තුනක හමුදා පුහුණුවක් දෙනවා. පත්වීම ගත් උපාධිධාරීන් මුලින්ම යන්න ඕනෙ හමුදා කඳවුරට. මේක කරන්නේ

රැුකියාලාභිනියන්ගේ ‘කොඳු කඩලා’ ඔවුන් රජයේ අතකොළු බවට පත්කර ගන්නයි. මේක ආමි ටේ‍්‍රනින් එකක්. ලිපිවල තියනවා කෙටි නිවාඩු අනුමත කරන්නේ නෑ කියලා. ඒ වගේම අත්‍යවශ්‍ය කාරණයකදී හැර නෑයන් හමුවෙන්න එපා කියලත් තියනවා. හමුදාවක් පුහුණු කරවන්නේ දෙන නියෝග ඒ විදියටම පිළිපදින්න. අනිත් රැුකියාවලට ඒ පුහුණුව හරියන්නේ නෑ. අපි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි වෘත්තීය සමිතිවලින් අහනවා තමන්ගේ සාමාජිකයන්ට මෙහෙම පුහුණුවක් දෙනවාට එකඟද කියලා.

ඒ මදිවාට මේ පුහුණුවට එන උපාධිධාරීන්ට බඩු ලැයිස්තුවක් දීලා තියනවා රුපියල් විසිදහසක් විතර වෙන. මෙතෙක් කල් රැුකියා නොකරපු අය මේ වියදම දරන්නේ කොහොමද. ඒ වගේම සාමාන්‍ය පෙළ අසමත් ලක්ෂයක් දෙනා

රැුකියා සඳහා බඳවා ගන්නේ ආරක්ෂක ලේකම්ගේ අධීක්ෂණය යටතේ කියා තොරතුරු ලැබෙනවා. එහෙම කරන්නේ කොහොමද. නවක රාජ්‍ය සේවකයන්ට පුහුණුවක් දිය යුතුයි. එය කළ යුත්තේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේයි. නැතිව හමුදාව යටතේ නොවෙයි. අද උපාධිධාරීන්ට දෙන මේ හමුදා පුහුණුව හෙට විශ්වවිද්‍යාලය සිසුවා ළඟට එනවා. ඊට පස්සේ ඔවුන්ට අවනත කර ගන්න බැරි හැම කෙනාටම මේ පුහුණුව දීලා නිවහල් මානසිකත්වය බිඳලා ‘කොඳු කඩනවා.’ මේ ගැන අවබෝධයෙන් ඉන්න කියලා අපි හැමෝටම මතක් කරනවා.

ඊළඟට සංවර්ධනය ගැන කතා කරන ආණ්ඩුව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් එම සේවකයන්ගේ කැමැත්ත අනුව මාස හතරකට යටත්ව අඩ වැටුප් සහිතව සේවයෙන් මුදාහරින්න ලෑස්ති වෙනවා. එසේ කැමති අයගෙ ලියුම්

ගන්න කියලා ඉහළ නිලධාරීන් පහළ නිලධාරීන්ට ලිපි යවලා. අපි අහනවා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වහලද රට විසිඑක්වැනි සියවසට රට ගෙනියන්නෙ කියලා. රාජ්‍ය සේවයේදී ඉදිරියේ දී සිදුවන රැුකියා කප්පාදුවේ කසකාරයායි මේ එන්නෙ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More