20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පතට ඇතුලත්වියයුතු ප්‍රතිපාදන කිහිපයක් පිළිබඳව ආණ්ඩුවේ ඇමතිවරු කිහිප දෙනෙකු ඇතුළු පිරිසක් ආණ්ඩුවට බලපෑම් කරන බව වාර්තාවේ.
එසේ නැවත ඇතුලත් කළ යුතු කරුනු අතර ද්විත්ව පුරවැභාවය, නැවත පැනවීම විඝනන කොමිසම නැවත පිහිටුවීම සහ ඇමතිවරුන් පත් කිරීමේ සීමාව ආදිය සාකච්ඡාවට ලක් වී ඇති බව වාර්තාවේ.
ඒ අතර පනත් කෙටුම්පතක් ගැසට් කර මහජන සංවාදයට ලක් කිරීමට ඉඩ දී තිබූ කාලය දින 14 සිට 7 ට අඩු කිරීම සහ දින 3ක් ඇතුලත හදිසි පනත් සම්මත කිරීමට ප්‍රතිපාදන පැනවීම පිළිබඳව විරෝධය එල්ලවී ඇති බව වාර්තාවේ.
20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ පිළිබඳව අධ්‍යයනය කොට අදහස් ලිඛිතව ඉදිරිපත් කිරීමට කාලය ලබා නොදී කෙටුම්පත ඉදිරිපත් කළ දිනයේ දීම එය සම්මත කිරීම පිළිබඳවද යම් විරෝධයක් මතු වී ඇති බවද වාර්තාවේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...