දේශීය පුවත්

මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් අවශ්‍ය බවට දෙදහස් පහළොව වසරේ පැවැති ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේනට සහ රනිල් වික්‍රමසිංහට තමා යෝජනාවක් ඉදිරිපත් කළ බව මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේදී ඊයේ (07 වැනිදා) පැවැසීය.

රජයේ නීතිඥවරයා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ අම්පාර දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශයේ දෙමළ භාෂාව කතා කරන මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් ලබාදිය යුතු බවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ අදහසක් තිබූ බවයි.

එසේම යම් පළාතක ජනතාව දේශපාලන වශයෙන් මෙලෙස ඉල්ලා සිටීම සාධාරණ බවත්, එය ජාතික සංහිඳියාවට බාධාවක් නොවන බවත් ඔහු සඳහන් කළේය.

මෙම දේශපාලන ඉල්ලීම ඔළුවිල් ප්‍රකාශයේ කොටසක්ද යන්න රජයේ නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී එයට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් කියා සිටියේ එය එසේ වෙන්නට පුළුවන් බවයි.

මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ඊයේ (07 වැනිදා) පස්වරු 6.00ට පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම ආරම්භ කළ අතර ඊයේ (07 වැනිදා) රාත්‍රිය වනතුරු ඔහුගෙන් කොමිසම විසින් සාක්ෂි විමසමින් සිටියේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More