ව්‍යාපාරික පුවත්

රන් සහ මැණික් බදු ඉවතට

September 8, 2020 6:20 am | Lanka Lead News

මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති 14%ක ආදායම් බද්ද සහ 15% වූ රත‍්‍රන් ආනයන බද්ද ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (07දා) තීරණය කර ඇත.

මැණික් හා ස්වර්ණාභරණ ආශ‍්‍රිත කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ (07දා) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡුාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

2018 වසරේ දී රත‍්‍රන් ආනයනය සඳහා පනවා තිබූ 15%ක බද්ද ස්වර්ණාභරණ මිල ඉහළ යෑමට හේතු වී තිබූ හෙයින් අදාළ බදු කඩිනමින් ඉවත් කර මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ උන්නතියට පියවර ගන්නැයි ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දී තිබේ.

මැණික් කැණීම් බලපත‍්‍ර නිකුත් කිරීමේදී සිදුවන ප‍්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා අදාළ සියලූ ආයතන එක් තැනක ස්ථාපනය කරන්නැයි ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත.

ස්වර්ණාභරණ නිෂ්පාදකයන් සහ සාම්ප‍්‍රදායික ස්වර්ණාභරණ ශිල්පීන්ට රත‍්‍රන් මිලදී ගැනීමට රාජ්‍ය බැංකු මගින් 4%ක සහන පොලියක් යටතේ රුපියල් ලක්ෂ 10ක ණය මුදලක් සපයන ලෙසද මෙම සාකච්ඡුාවේ දී ජනාධිපතිවරයා රාජ්‍ය බැංකුවලට උපදෙස් ලබා දී ඇත.

එමෙන්ම රත්නපුර, දෙමුවාවත ඉදිකිරීමට සැලසුම් කර ඇති මැණික් අලෙවි සංකීර්ණයේ සහ පුහුණු මධ්‍යස්ථානයේ වැඩ කඩිනම් කරන ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More