දේශීය පුවත්

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරය සඳහා මිලින්ද මොරගොඩ මහතා පත් කිරීම පිළිබඳව තමන් වහන්සේ සතුටු වන බව ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ධර්මවිජය විහාරාධිපති ඇමෙරිකාවේ ප්‍රධාන සංඝ නායක අග්ගමහා පණ්ඩිත වල්පොල පියනන්ද නාහිමියන් පවසයි.

මොරගොඩ මහතා ජාත්‍යන්තර සබදතා රැසක් තිබෙන දක්ෂ පරිපාලකයෙක් බවත් ඒ වගේම හොඳ බෞද්ධයෙකු බවත් උන්වහන්සේ පෙන්වා දෙයි.

මොරගොඩ මහතාට ඇමරිකාවේ ඉහල පෙලේ නිලධාරීන් සමඟ ඉතා කිට්ටු සම්බන්ධතා තිබෙන බව පෙන්වා දෙන උන්වහන්සේ ඉන්දියාවේ ශ්‍රී ලංකා කොමසාරිස් ධුරයට සුදුසුම පුද්ගලයා ඔහු බවද සඳහන් කරයි.

ඉන්දියාවේ ශ්‍රී ලංකා කොමසාරිස් ධුරයට යන රාජ්‍යතාන්ත්‍රිකයා හොඳ බෞද්ධයෙකු මෙන්ම දක්ෂ පරිපාලකයෙකු විය යුතු බවත් ඒ සුදුසුකම් සියල්ල මොරගොඩ මහතා සපුරා තිබෙන බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ වෙතත් පසුගිය දින කිහිපය පුරාම ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරය සඳහා මිලින්ද මොරගොඩ මහතා පත් කිරීම පිළිබඳව මහා සංඝරත්නයේ මෙන්ම දේශපාලන නියෝජිතයින් ඇතුළු ජාතික බලවේග වල විරෝධතාවය පළ වුණි.

සබැදි පුවත් – 

ජනාධිපතිතුමනි සමාවන්න, ඔබතුමා කියන ආකාරයට නව පත්වීම් ගැන කතා නොකර බැහැ – ජාතික සංවිධාන කියයි (Video)

 



One thought on “ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරයට සුදුසුම පුද්ගලයා මිලින්ද මොරගොඩ”

  1. හොඳ බෞද්යෙක් කියන්න බැහැ. එහෙම නම් උඩුවේ සාදු ට විරුද්දව උදේට පිරිත් දානවා කියලා උසාවි යාවිද?

Leave a Reply to කු. ත. කෝ. ප්‍රසන්න Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More