දේශීය පුවත්

ජනාධිපතිතුමා විසින් කරන ලද නව පත්වීම් පිළිබඳව බලපෑම් නොකරන ලෙසට එතුමා විසින් කරන ලද ඉල්ලීමට එකගවිය නොහැකි බව ජාතික සංවිධාන පවසයි.

අද (03) ජාතික සංවිධාන එකමුතුව කැදවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ යම් පත්කිරීම් පිළිබඳව ප්‍රභල මහජන විරෝධයක් තිබෙන බැවින් ඒවා පිළිබඳව කතා නොකර සිටීමට නොහැකි බවය.

එහිදී ඔහු සඳහන් කළේ මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ තානාපති ලෙස පත් කිරීමට එරෙහිව මහජනයාගෙන් සහ මහා සංඝරත්නයෙන් ප්‍රභල විරෝධයක් එල්ලවී තිබෙන බැවින් ඒ පිළිබඳව ජාතික සංවිධානවල මතය කිව යුතු බවය.

මිලින්ද මොරගොඩ මහතාට ඉන්දියාව සහ ඇමෙරිකාව විසින් චරිත සහතික ලබා දී ඇතත් ජාතික බලවේග ඔහුට එවැනි සහතික ලබා දෙන්නේ නැති බවද ඔහු සඳහන් කරයි.

තවදුරටත් අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ 19 වැනි සංශෝධනය මගින් පනවා තිබූ ද්විත්ව පුරවැසි බාධකය 20 වැනි සංශෝධනය මගින් තවදුරටත් තහවුරුකොට එම බාධකය  රජයේ උසස් නිලධාරීන්ටත් පැනවිය යුතු බවය.

සම්පූර්ණ වීඩියෝව පහතින් –

සබැඳි පුවත්



One thought on “ජනාධිපතිතුමනි සමාවන්න, ඔබතුමා කියන ආකාරයට නව පත්වීම් ගැන කතා නොකර බැහැ – ජාතික සංවිධාන කියයි (Video)”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More