“එම්.ටී නිව් ඩයමන්ඩ්“ නෞකාවේ හටගත් ගින්න සම්පූර්ණයෙන්ම නිවාදැමීමට නාවික හා ගුවන් හමුදා ඊයේ සමත්වුවත්, අද (07) පස්වරුවේ එහි යළි ගින්නක් හටගෙන ඇතැයි නාවික හමුදාව පවසයි.
ඒ, ගැඹුරු මුහුදේ අධික සුළං ප්‍රවාහය සහ නෞකාවේ ලෝහ මත පවතින අධික උෂ්ණත්වය හේතුවෙනි.
මෙනිසා ඊයේ (06) ගින්න නිවාදැමීමට භාවිත කළ DCP නමැති රසායනික සංයෝගය අදත්, එම ස්ථානයට ගුවනින් පතිත කළ බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේය.
“නිව් ඩයමන්ඩ්“ නෞකාවේ ගින්න ඊයේ පස්වරු 3.00ට පමණ වනවිට සාර්ථකව නිවා දැමීමට ශ්‍රී ලංකා ගුවන් හා නාවික හමුදා සමත්වුණේ දින 04ක් පුරා පැය 80කට ආසන්න කාලයක් සිදුකළ අඛණ්ඩ මෙහෙයුමකින් අනතුරුවය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...