විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධත්වත්, එය පරාජය කිරීමට කොන්දේසි විරහිතව කටයුතු කරන බවටත් සමගි ජනබලවේගය තීන්දු කොට තිබේ.
අද (07) සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 2දී රැස්වූ අතර එහිදී අදාළ තීන්දුව ඒකමතිකව ගනු ලැබීය.
මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් ඒ පිළිබඳව යෝජනාව ගෙන ආ අතර කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා එය ස්ථීර කරනු ලැබීය.
19 වන ව්‍යවස්ථා සංශෝධනයෙහි ඇති ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම වඩාත් ශක්තිමත් කිරීමත්, 19+ දක්වා එය රැගෙන යාමත් සිය ස්ථාවරය බව සමගි ජනබලවේගය තීන්දු කොට තිබේ.
මේ අතර ’19න් ඉදිරියට’ තේමාව කොටගෙන ජනතා විරෝධතාවයක් හෙට (08) සවස 4ට ජපන් මිත්‍රත්ව මාවතේ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ පිළිරුව අසලදී පැවැත්වේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...