මේ වන විට තම සමාගම සතුව කිරි අතිරික්තයක් ඇති බවත් ඒවා කිරිපිටි ලෙස චීනයට සහ බටර් ලෙස ජපානයට අපනයනය කිරීම සඳහා ඇති අවස්ථා සොයා බලන ලෙස අපනයනය සංවර්ධන මණ්ඩලයට දැනුම් දී ඇති බවත් පැලවත්ත කිරි සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා පවසයි. අද දෙරණ Biz සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් පැලවත්ත කිරි සභාපතිවරයා මේ බව අනාවරණය කළේය.
“අපට දැන් කිරි අතිරික්තයක් තියෙනවා. මේ වෙන කොට මම EDB (අපනයන සංවර්ධන මණ්ඩලය) එකට කියලා තියෙනවා, මට අවස්ථාව හොයලා දෙන්න ජපානයට බටර් යවන්නත්, චීනයට කිරිපිටි යවන්නත්. ළඟදිම වෙලාවක අපි කිරි පිටි බටර් යවනවා, අපි ලඟ අතිරික්තයත් තිබෙනවා. මං ගාව හැමදාම ටොන් 20ක් 25ක් එලියට විකුණන ගමන් කිරිපිටි, ටොන් 75ක් 100ක් ස්ටෝරුවේ තියෙනවා.“
“සුපර්මාර්කට් එකකට ගිහිං බැලුවොත් රාක්කවල දේශීය දියර කිරි වර්ග 20ක්වත් තියෙනවා. ඒ කියන්නේ රටේ මිනිසුන්ට ඕනෑවට වඩා කිරි තියෙනවා. අපිට පිටරටින් කිරි අවුන්සයක්වත් ගේන්න ඕනේ නැහැ“, යනුවෙන් පැලවත්ත කිරි සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...