දේශීය පුවත්

19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කියන්නේ විකෘතියක්. 19 වැනි ව්‍යවස්ථාව ගෙන එන්න කඩිමුඩි කළේ බලතල බදාගන්න හදපු උදවියයි. හීනෙන්වත් නොහිතූ ලෙස තනතුරුවලට පාවී පැමිණි අයයි.

මහජනයා අපිට ඡන්දෙ දුන්නේ රටට නව ව්‍යවස්ථාවක් හඳුන්වලා දෙන්න කියලයි. අපි බලයට පත්කළ ජනතාවගේ ඉල්ලීම් ඉටු කිරීමට අපි බැඳී සිටිනවා යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා පසුගියදා (4 දා) මීගමුවේදී පැවසීය.

ඔහු එලෙස පැවසුවේ මීගමුව මහෙස්ත‍්‍රාත් අධිකරණය ඒ මහතාට එරෙහිව පවරා තිබූ නඩුවකට පෙනී සිටීම සඳහා අධිකරණය හමුවට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි. එහිදී විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

අද මෙම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව හඬ නඟන්නේ රාජ්‍ය නොවන සංවිධානවල එන්.ජී. ඕ.කාරයින්. 19 වැනි ව්‍යවස්ථාව නිසා රටේ සංවර්ධන වැඩට බාධා වුණා. රටේ ජනාධිපතිවරයා එක පක්‍ෂයකිනුයි අගමැතිවරයා තව පක්‍ෂයකින් තේරුණ විටද රටේ විශාල ප‍්‍රශ්නයක් ඇති වනවා. හරියට එක නඟුලක එළ හරකයි මී හරකයි බැන්ද වගේ. රටක් දියුණු කරන්න අවශ්‍ය නම් දෙදෙනාම එක පක්‍ෂයක විය යුතුයි. මේ නිසා රටට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අත්‍යාවශ්‍යයි. නව ආණ්ඩක‍්‍රමු ව්‍යවස්ථා සංශෝධනයට කමිටුවක් පිහිටුවා තිබෙනවා. රටේ ඕනෑම පුරවැසියකුට එම කමිටුව වෙත ඉදිරිපත්වී තමන්ගේ අදහස් ප‍්‍රකාශ කළ හැකියි. එසේ ඉදිරිපත් නොවී නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එරෙහිව හඬ නැඟීමෙන් පළක් නැහැ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More