ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවට සහාය දීමට එක්වීමට කැමති විපක්‍ෂයේ සුළු කණ්ඩායම්වල සැබෑ මුහුණු අනාවරණය වන්නේ ඔවුන් 20 සංශෝධනයට පාර්ලිමේන්තුවේදී කැමැත්ත අකමැත්ත පළ කරන ඡන්ද විමසීමේදී බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
මෙම සුළු දේශපාලන පක්‍ෂ ආණ්ඩුව සමග එක්වීමට කැමති බවට නිල දැනුම් දීමක් කර නැතත් එම පුවත රට පුරා ප‍්‍රසිද්ධවී තිබෙන බව පැවසූ අග‍්‍රාමාත්‍යවරයා 20 ගැන විපක්‍ෂය අද විවිධ කතා පතුරුවන බවද සඳහන් කළේය.
රටේ ජනතාව විපක්‍ෂයේ කතා තඹේකටවත් මායිම් නොකරන බවද පසුගිය මැතිවරණ සමයේ විපක්‍ෂය දේශපාලන වේදිකාව තුළ කි‍්‍රයා කළ ආකාරය පිළිබඳව සැලකීමක් නොදැක්වූ ජනතාව අදත් එම මතයේම සිටින බවද අග‍්‍රාමාත්‍යවරයා කීවේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...