දේශීය පුවත්

රාජ්‍ය පත්වීම් ලබාගන්නා පිරිස පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඉදිරියේදී කාන්තාවන් විසින් රාජ්‍ය සේවය අත්පත් කරගැනීමට වැඩි ඉඩක් ඇතිබව පෙනී යන්නේ යැයි ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම පවසයි. කාන්තාවන්ගේ නැගීසිටීම පිළිබඳව තමා සතුටට පත්වන බව පවසන ඇමැතිවරයා ඒ තුළින් ඉදිරියේදී ශක්තිමත් රාජ්‍ය සේවයක් ස්ථාපිත වනු ඇති බවද සඳහන් කරයි.

ඇමැතිවරයා මෙම අදහස් පළකළේ පසුගියදා රාජ්‍ය සේවයේ වෙනස්කම් රැසක් ඇති කිරීමේ අරමුණින් දිවයින පුරා 60,000කට අධික පිරිසකට නව රජයේ රැකියා ලබාදීමට අවස්ථාවට සමගාමීව මහනුවර දිස්ත්‍රික් පත්වීම්ලාභීන් සඳහා එය ප්‍රදානය කරන අවස්ථාවේදීය.

ජනපති ගෝඨාභය රාජපක්ෂගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පරිදි මෙම පත්වීම් ලබාදීමේදී කිසිදු පක්ෂ පාට භේදයකින් තොරව එය සිදුකෙරෙන බවද ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය.

එමෙන්ම ඉතිහාසයේ ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශන අතරින් 90%ක් පමණ ක්‍රියාත්මක වූයේ මහින්ද චින්තනය වැඩපිළිවෙළක් පමණක් කී ඇමැතිවරයා අනෙකුත් ප්‍රතිපත්ති හුදෙක් ඡන්ද ලබාගැනීමේ උපායමාර්ග පමණක් වනු බවද සඳහන් කළේය.

එමෙන්ම රාජ්‍ය සේවයට එක්වෙන සියලුදෙනා වැටුප් ලබන්නේ මහජන මුදලින් වන බැවින් ඔවුන් කටයුතු කළ යුත්තේ තම තනතුරේ ගෞරවය මෙන්ම සේවාදායකයාගේ අභිමානයද රැකගෙන බව මෙහිදී ඇමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More